ලාංකිකයින් විශාල පිරිසක් නීතිවිරෝධී මුදල් ගනුදෙනුවල . . .

ක්‍රිප්ටෝ නමැති නීති විරෝධි මුදල් ආයෝජන ව්‍යාපාරයට ශ්‍රී ලාංකිකයන් 8000 කට අධික පිරිසක් ගොදුරු වී ඇති බවත් ඉන් වංචා කර ඇති මුදල රුපියල් බිලියන 15 කට අධික බවත් අල්ජසිරා රූපවාහිනි සේවාව මුල්වරට හෙළි කර තිබෙනවා.

මෙම හොර ජාවාරමට සම්බන්ධ විදේශිකයන් දෙදෙනකු ඇතුළු රැසකගේ බැංකු ගිණුම් මහ බැංකුව විසින් තහනම් කර ඇති අතර රහස් පොලිසිය වාහන නිවාස ඇතුළු වත්කම් තහනම් කර ඇත. මෙම ජාවාරම මෙහෙයවූවන් සුපිරි නිවාස සංකීර්ණවල නිවාස ද බෙන්ස් රථ ද මිලදී ගෙන ඇති බවයි අල්ජසිරා නාලිකාව පැවසුවේ.

නීති විරෝධී සමගාමක් ස්ථාපිත කර මොවුන් මෙම ක්‍රිප්ටෝ මුදල් ආයෝජන ජාවාරම මෙහෙයවා ඇති බවද එම නාලිකාව වැඩිදුරටත් පවසයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගෝඨාභය දුන් රැකියා වලට රතු එළියක් . . .

Sun Apr 9 , 2023
රැකියා ප්‍රශ්නයට විසඳුමක් දීමට පසුගිය රජය මගින් තිස් අටදහසක (38000) ශ්‍රම බලකායක් එක්කර ගැනීමෙන් ඇරැඹූ බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව 2020 දෙසැම්බර් 19 වැනිදා මෙම දෙපාර්තමේන්තුව අරඹන්නේ ලක්ෂයක ශ්‍රම බලකායක් ඉලක්ක කරගෙනයි. අවම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x