හිස නිරාවරණ කාන්තාවන් හඳුනාගැනීමට කැමරා සවි කරයි . . .

ඉරාන බලධාරීන් විසින් හිස නිරාවරණය කරගෙන සිටින කාන්තාවන් හඳුනාගැනීමට ප්‍රසිද්ධ ස්ථානවල කැමරා සවිකිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම කාන්තාවන්ට පළමුව කෙටි පණිවුඩයක් මගින් අනතුරු ඇගවීමක් සිදුකරනු ලබයි.ඉන් අනතුරුව නීති මගින් කටයුතු කිරීමට නියමිත බව වාර්තා වන්නේ.

මේ වන විටත් ඉරාන කාන්තාවන් හිස් ආවරණ පැලදීමේ නීතිය ඉවත් කරන ලෙසට විරෝධය පාමින් උද්ඝෝෂණ පවත්වමින් සිටිය දී එරට රජය විසින් මෙම කැමරා සවි කිරිමට කටයුතු කර ඇත්තේ.

1979 වසරේ ඉස්ලාමීය විප්ලවයෙන් පසු ආගමික නීතියක් ලෙස කාන්තාවන් තම හිසකෙස් හිජාබයකින් ආවරණය කිරීම සහ ශරීර හැඩය සැගවෙන සේ දිගු ලිහිල් ඇදුම් ඇදීම අනිවාර්ය කෙරිණ.

මෙම නීතිය උල්ලංඝනය කරන කාන්තාවන්ට ඉරාන පොලිසිය විසින් දඩ ගැසීම හෝ අත්අඩංගුවට ගැනීම සිදු කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පැනමා නැවකට හොරෙන් රිංගයි . . .

Mon Apr 10 , 2023
කොළඹ වරායේ නැංගුරම්ලා තිබු පැනමා රාජ්‍යයට අයත් නෞකාවකට හොරෙන් ඇතුලුවි නිතිවිරෝධි ලෙස විදේශගත විමට උත්සාහ කළ පුද්ගලයන් හතර දෙනකු නෞකාවේ සිටියදී එහි සේවකයන්  හඳුනා ගැනිමෙන් පසු අත් අඩංගුවට ගෙන නෞකාව අද (10) සවස ගාල්ල වරායට පැමිණ ඔවුන් හතර දෙනා ගාල්ල වරායේ ආගමන විගමන නිලධාරින්ට බාරදී ඇත. මෙසේ අත් අඩංගුවට ගෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x