ඡන්දය යළිත් කල්යයි . . .

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය එළඹෙන 25 වනදාද නොපැවැත්වෙනු ඇති බවයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසම අතර පැවති විශේෂ හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර,

“මැතිවරණ කොමිසමත් එක්ක සුහද සාකච්ඡාවක් පැවැත්වූවා ඉදිරි කටයුතු සම්බන්ධව. අප්‍රේල් මස 25 වනදා දක්වාත් ඉන් අනතුරුවත් මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවන ආකාරය සාකච්ඡා කළා. මැතිවරණ කොමිසමෙන් නිර්දේශයක් එවනවා කිව්වා, අනතුරුව එම නිලධාරීන් ඡන්දයට ඉදිරිපත් වන කොට්ඨාසයෙන් පිටත ස්ථානයකට පත්කරලා වැටුප් ගෙවන්න කටයුතු කරනවා. එසේම මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටීම පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක්කළා. එසේම මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරලා මැතිවරණ කොමිසමේ ඉල්ලීම්වලට සාධාරණයක් කරන්න අගමැතිතුමා කටයුතු කරනවා කිව්වා.”

“මැතිවරණ කොමිසම ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය සමඟ වෙනම සාකච්ඡාවක් පවත්වයි. ඊට පස්සේ ඒ ගොල්ලෝ කියයි. කොහොමත් දැන් තියෙන තත්ත්වය අනුව අප්‍රේල් 25 වනදා ට ඡන්දයක් තියන්න අමාරුයි. ඕන එක්කෙනෙකුට ඒක පේනවා, තැපැල් ඡන්දය තිබ්බේ නැතිනිසා, එතුමන්ලා අප්‍රේල් 25ට ඉස්සරවෙලා ඉදිරිය ගැන යම්කිසි ප්‍රකාශයක් කරයි.”

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අඩු ආදායම්ලාභීන්ට ස්ථීර නිවාස . . .

Mon Apr 10 , 2023
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ස්ථීර නිවසක් නොමැති අඩුආදායම් ලාභීන් වෙනුවෙන්  “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් මේ වනවිට 50%ක පමණ වැඩ අවසන්ව ඇති බව පවසනවා. ඒ අනුව, 2021 වසරේදී නිවාස 12,231ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 6,039ක වැඩ අවසන් කර තිබේ. එමෙන්ම 2022 වසරේදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x