වෛද්‍යවරියකගේ දුරකථනයට අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ යවපු අමුතුම පුද්ගලයා . . .

නිට්ටඹුව, වතුපිටිවල රෝහලේ සේවයේ නියුතු විවාහක වෛද්‍යවරිකගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් තාක්‍ෂණය ඔස්සේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ එවන ලද සැකකරුවෙක් ලබන 21 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට නියෝග කර තිබෙනවා.

ගම්පහ වැඩබලන මහෙස්ත්‍රාත් අමරානි මුදලිගේ මහත්මිය විසින් පසුගියදා මෙම තීන්දුව ලබාදී ඇත.

සැකකරුව රාගම ශික්‍ෂණ රෝහලේ මානසික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසට මහර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ වැඩබලන මහෙස්ත්‍රාත්වරිය සැකකරු සමග එදිනට (21) එම වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට මහර බන්ධනාගාර අධිකාරිවරයාට වැඩිදුරටත් නියම කළා.

වැලිවේරිය, දවටගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 47 හැවිරිදි ඉඩම් විකිණීම සහ මිලට ගැනීම සම්බන්ධව අතරමැදියකු ලෙස කටයුතු කරන විවාහක සැකකරුව මෙසේ රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

පැමිණිලිකාර වෛද්‍යවරියගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් තාක්‍ෂණය ඔස්සේ අසභ්‍ය දර්ශන එවා ඇති සැකකරු, සැකකරු විසින් නාන කාමරයේ සිදුකරන අසභ්‍ය සිදුවීම් පවා වෛද්‍යවරියගේ ජංගම දුරකථනයට එවා ඇති බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

සැකකරු විසින් පැමිණිලිකාරියගේ ජංගම දුරකථනයට එවන ලද ඇමතුම්, කෙටි පණිවුඩ සහ අසභ්‍ය දර්ශන හා ඇතුළත් ඡායාරූප සහ වීඩියෝ පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් සැමියා වෙත ලබාදී ඇති බවද අධිකරණයේ දී සඳහන් විය.

පැමිණිලිකාරිය ගේ සහ පැමිණිලිකාරියගේ සැමියාගේ ජංගම දුරකථන බස්නාහිර පළාත් උතුර තොරතුරු තාක්‍ෂණ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර සිද්ධිය සනාථ කරන ඩී.වී.ඩී. දෙකක් ලබාගෙන ඇති බවද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියි.

පෙබරවාරි මස 8 දින සිට 15 වන දින දක්වා පැමිණිලිකාරියගේ ජංගම දුරකථනයට එම අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ දර්ශන එවන ලද ජංගම දුරකථනයට අදාළව සිදුකරන ලද පරීක්‍ෂණ ඔස්සේ ගම්පහ කොට්ඨාස ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබූ බවට අධිකරණයේදී සඳහන් විය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ක්‍රෙඩිට් කාඩ් භාවිතය පහළට . . .

Mon Apr 10 , 2023
2023 වසරේ මුල් මාස දෙක තුළ දී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් (ණය කාඩ්පත්) භාවිතයේ සැලකිය යුතු පහළ යාමක් වාර්තා වේ. 2022 වසරේ දෙසැම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව තුළ පැවති සමස්ත සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,952,991 ක් ලෙසින් වාර්තා වී ඇති අතර එය 2023 ජනවාරි මාසය අවසන් වන විට 1,942,272 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x