පාසල් බෑග් සහ සපත්තු මිල පහත දැමීමට කඩිනම් පියවර . . .

පාසල් බෑග් සහ සපත්තු මිල පහත දැමීම සඳහා කඩිනම් පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව පාසල් වාරය ආරම්භවීමත් සමග දරුවන් වෙනුවෙන් සපත්තු සහ බෑග් මිලදී ගැනීමේදී දෙමව්පියන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි.

ඔහු මේ බව කියා සිටියේ පාසල් බෑග් සහ සපත්තු මිල පිළිබඳ අද (11) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි. දැනට සපත්තු සහ බෑග් ආයනයන සම්පූර්ණයෙන් ම අත්හිටුවා ඇති අතර ඒවා දේශීයව නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීම සිදුකෙරේ.

අමාත්‍යවරයා සඳහන් කළේ එබැවින් ඩොලරය අවප්‍රමාණයවීමට සාපේක්ෂව දේශීය වෙළෙඳපොළේ බෑග් සහ සපත්තු මිල ද පහළ යායුතු බවය. ඒ පිළිබඳව සොයාබලා සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට අමාත්‍යවරය දැන්වීය.

එසේ මිල පහළ යාමක් සිදුව නොමැති නම් ඒ සම්බන්ධයෙන් වහාම ජනාධිපතිවරයා දැනුවත්කර මිල අඩුකිරීමට අදාළ ගැලපෙන පිළියමක් සඳහා යොමුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කූඨ ගුවන් ගමන් බලපත්‍රයෙන් මෙරටට ආ නයිජීරියානුවා පිටුවහල් කෙරේ . . .

Tue Apr 11 , 2023
ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ බහමාස් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සහ කළ නයිජීරියානු ජාතිකයෙකු ඊයේ (අප්‍රේල් 10) දින සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ආපසු පිටුවහල් කිරීමට පියවර ගනු ලැබ තිබේ. වයස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x