ATM යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමදී අවධානයෙන් සිටින්න . . .

ATM කාඩ්පත්වලින් මුදල් වංචා කළ පුද්ගලයෙකු කාඩ්පත් 15ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු ATM යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමට පැමිණෙන ඇතැම් පුද්ගලයන්ට මුදල් ලබා ගැනීම සඳහා සහය වන මුවාවෙන් ඔවුන්ගේ රහස් අංකය ලබාගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

පසුව අදාළ පුද්ගලයාට මුදල් සමග සැකකරු සතුව තිබෙන ව්‍යාජ කාඩ්පතක් ලබාදී නිවැරදි කාඩ්පත ඔහු සතුව තබා ගනිමින් පසුව මුදල් ලබාගැනීම සිදුකර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

පිළියන්දල, කොට්ටාව, දෙහිවල, මිරිහාන සහ මහරගම ඇතුළු පොලිස් ස්ථාන වෙත ලැබුණු පැමිණිලි 50ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී ඊයේ (10) දින අදාල සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි අදාල සැකකරු 24 හැවිරිදි අයෙක් බවයි පැවසෙන්නේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මතට ලොල් වූ සුනඛයෙකුට ප්‍රතිකාර කරයි . . .

Tue Apr 11 , 2023
මත්පැන්වලට ඇබ්බැහි වීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ කොකෝ නම් සුනඛයෙකුට පශු වෛද්‍යවරු ප්‍රතිකාර කර තිබේ. කොකෝගේ වයස අවුරුදු 2 ක් වන අතර කොකෝ ලැබ්‍රඩෝ වර්ගයේ මිශ්‍ර සුනඛයෙකි. නින්දට යාමට ප්‍රථම මත්පැන් පානය කිරීමට මෙම සුනඛයා පුරුදුව සිට ඇති අතර ඔහුගේ ස්වාමියා මිය යාමෙන් පසු පශු වෛද්‍යවරුන් මත්පැන් වලට ඇබ්බැහි වූ කොකෝ සහ තවත් සුනඛයෙකු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x