රුසියානු ජනපතිට අසාද්‍යයි . . .

යුක්‍රේන් ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම සම්බන්ධයෙන් දිගින් දිගටම විදෙස් පුවත් වාර්තා වුණා. ඒ අනුව මේවනවිට එවැනි තවත් වාර්තාවක් පළ වී තිබීම විශේෂත්වයක්.

විදෙස් මාධ්‍ය පවසන පරිදි එහි දැක්වෙන්නේ රුසියානු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය දරුණු ලෙස පිරිහී ඇති බවයි. ඒ අනුව රුසියානු ජනාධිපතිවරයා දැඩි හිසරදයකින් පෙළෙන බවත්, පෙනීම බොඳවීම හා දිව හිරිවැටීම යන විවිධ රෝග ලක්ෂණ වලින් ද පෙළෙන බවත් නවතම වාර්තාවකින් අනාවරණ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දරටත් සඳහන් කළා.

රුසියානු ජනාධිපතිවරයාගේ එම රෝග ලක්ෂණ හමුවේ වෛද්‍යවරුන් ද බියට පත්ව සිටින බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

එමෙන්ම රුසියානු ජනාධිපතිවරයාගේ දකුණු අතෙහි සහ පාදයේ සංවේදනය අර්ධ වශයෙන් අහිමි වී ඇති බවත් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් අදාළ වාර්තාවල සඳහන්.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හිටපු මන්ත්‍රීවරයකුගේ මහගෙදරට හොරෙන් විදුලිය ලබාගෙන . . .

Wed Apr 12 , 2023
  මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මවුපියන් වාසය කරන පාරම්පරික මහගෙදරට නීති විරෝධී අන්දමින් විදුලිය ලබාගෙන ඇතැයි හෙළි වී තිබේ. එම චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් හිටපු මන්ත්‍රීවරයාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත. විදුලිය වංචනික ආකාරයෙන් ලබාගැනීමෙන් මණ්ඩලයට සිදු වූ පාඩුව ගණනය කර අධිකරණයට වාර්තා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x