නුවරඑළිය නගරයේ මහල් හතරට වැඩි ඉදිකිරීම් මින් ඉදිරියට තහනම් කරමින් කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ. උස ගොඩනැගිලි ඉදිකිරීමෙන් එම නගරය අවලස්සන වී ඇතැයි පෙන්වා දී ඇති ජනාධිපතිවරයා කඩිනමින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලෙසට ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත දැනුම් දී ඇත. නුවරඑළිය නගරය තුළ විශාල […]
Day: April 13, 2023
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින්, ජාත්‍යන්තර පාපන්දු තරගාවලි දෙකකින් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉවත්කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, 2024 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් පිරිමි පාපන්දු තරගාවලියට අදාළ ආසියානු සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් සහ වයස අවුරුදු 23 න් පහළ ආසියානු පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත්කර ඇත. […]
සෘජු වෙළදාම් කරන පුද්ගලයන් සහ ආයතන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල ගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනයේ සදහන් වන්නේ සූර්ය බල ආලෝක පද්ධති, දුරකථන සහ උපාංග, ගෘහ භාණ්ඩ, පිරිසිදුකාරක, සපත්තු, […]
නානුඔය සිට නුවරඑළිය හරහා උඩුපුස්සැල්ලාව දක්වා පැරණි දුම්රිය මාර්ගය විදුලි දුම්රියක් ධාවනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, නුවරඑළිය ඇතුළු මධ්‍යම සංචාරක කලාපයේ ගමනාන්ත වෙත වැඩි සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීම සඳහා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරන බවටයි. නුවරඑළිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් […]
අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින්, රුපියල් 9000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පොලොන්නරුව කාර්යාලයට ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවයි. කොමිසම සඳහන් කළේ නීතිවිරෝධී මත්පැන් පෙරන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට උපකාර කිරීම […]
සරසවිවල රාජකාරි කටයුතු ලබන 17 වන දා සිට යළි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක පැවසීය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පෙරේදා (අප්‍රේල් 11) රාත්‍රියේ පැවැත්වූ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බව ද සභාපතිවරයා කීවේ ය. වත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ […]