විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ගේ වර්ජනය අවසන් . . .

සරසවිවල රාජකාරි කටයුතු ලබන 17 වන දා සිට යළි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක පැවසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පෙරේදා (අප්‍රේල් 11) රාත්‍රියේ පැවැත්වූ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බව ද සභාපතිවරයා කීවේ ය.

වත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මාර්තු 9 වන දා වැඩ වර්ජනය ආරම්භ කළ බව ද මහාචාර්යවරයා සඳහන් කළේ ය.

එහෙත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ඉවත්වීමේ තීරණය ඉදිරියටත් ක්‍රියාත්මක බව ද මහාචාර්ය බන්නැහැක පැවසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩ වර්ජනය ආරම්භ කර අද (අප්‍රේල් 13)ට දින 49ක් ගතවී තිබෙන බව ද සභාපතිවරයා කීවේ ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට . . .

Thu Apr 13 , 2023
අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින්, රුපියල් 9000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පොලොන්නරුව කාර්යාලයට ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවයි. කොමිසම සඳහන් කළේ නීතිවිරෝධී මත්පැන් පෙරන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට උපකාර කිරීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x