ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මීළඟ නායකත්වය සඳහා දෙදෙනකුගේ නම් යෝජනා වී ඇතැයි ඇතැයි සති අන්ත මව්බිම පුවත්පත වාර්තා කරයි. එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ  සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  පක්ෂ නායකත්වය සඳහා එසේ නම් යෝජනා වී ඇති බවද වාර්තාව කියා සිටී. බැසිල් රාජපක්ෂ මීළඟ නායකයා ලෙස පත් කළ යුතුයැයි පක්ෂයේ […]

පසුගිය කාලයේ පහත වැටී තිබූ මත්පැන් අලෙවිය අලුත් අවුරුදු සමයේ දී ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මිල ඉහළයාමත් ආර්ථික අර්බුදයත් නිසා මත්පැන් අලෙවිය 40% කින් පමණ පහත වැටී තිබිණි. ඒත් අවුරුදු සමයේ දී එය 20%කින් වැඩි වූ බව මත්පැන් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. අප්‍රේල් මාසයේ ගෙවුණු […]

පළාත් පාලන මැතිවරණ අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළු සෙසු පහසුකම් සියල්ල සම්පූර්ණ වන තෙක් නැවත මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කරන්නේ නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා සඳහන් කරයි. මැතිවරණ දින ප්‍රකාශයට පත් කරමින් දිගින් දිගටම ඒවා කල් දැමීම තුළින් මැතිවරණ ක්‍රියාවලිය විහිළුවක් වන බවද හෙතෙම පැවසීය. මැතිවරණය පැවැත්වීමට අදාල සෑම බලධාරියෙකු සමඟම දැනට […]

අද දිනයේ රට තුළ පළාත් කිහිපයකටම උෂ්ණත්වය ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. නැගෙනහිර සහ උතුරු මැද පළාත ඇතුළුව කොළඹ, ගම්පහ, කුරුණෑගල, වවුනියාව, මුලතිව්, හම්බන්තොට, කිලිනොච්චි දිස්ත්‍රික්කයන්වල උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමකට ඉහල යනු ඇති බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එවන් තත්ත්වයකදී වැඩි වේලාවක් අවුවට නිරාවරණය නොවන ලෙසත් […]

ජපාන අගමැති ෆුමියෝ කිෂිඩාගේ ප්‍රධානත්වයෙන් එරට වකයාමා හි පැවති මහජන හමුවක් අතරතුර දී අගමැතිවරයා ඉලක්ක කර දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ. ඒ සමග අගමැතිවරයා ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවතට රැගෙන යාමට ආරක්ෂක අංශ සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දුම් බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අල්ලා ගැනීමට රැස්ව සිටි පිරිස සමත්ව ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.