ජපාන අගමැතිට දුම් බෝම්බ ප්‍රහාරයක් . . .

ජපාන අගමැති ෆුමියෝ කිෂිඩාගේ ප්‍රධානත්වයෙන් එරට වකයාමා හි පැවති මහජන හමුවක් අතරතුර දී අගමැතිවරයා ඉලක්ක කර දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ඒ සමග අගමැතිවරයා ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවතට රැගෙන යාමට ආරක්ෂක අංශ සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දුම් බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අල්ලා ගැනීමට රැස්ව සිටි පිරිස සමත්ව ඇති අතර පසුව ඔහු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැත.

ජපානයේ මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඉතා දුලබ වුවද මේ වනවිට එරට දේශපාලනඥයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින්නේ දැඩි අවිනිශ්චිතභාවයකි.

ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ ද මියගියේ එලෙස ජනහමුවක් අතරතුර එල්ලවූ වෙඩි ප්‍රහාරයකිනි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රට තුළ උෂ්ණත්වය ඉහළට . . .

Sat Apr 15 , 2023
අද දිනයේ රට තුළ පළාත් කිහිපයකටම උෂ්ණත්වය ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. නැගෙනහිර සහ උතුරු මැද පළාත ඇතුළුව කොළඹ, ගම්පහ, කුරුණෑගල, වවුනියාව, මුලතිව්, හම්බන්තොට, කිලිනොච්චි දිස්ත්‍රික්කයන්වල උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමකට ඉහල යනු ඇති බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එවන් තත්ත්වයකදී වැඩි වේලාවක් අවුවට නිරාවරණය නොවන ලෙසත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x