රට තුළ උෂ්ණත්වය ඉහළට . . .

අද දිනයේ රට තුළ පළාත් කිහිපයකටම උෂ්ණත්වය ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

නැගෙනහිර සහ උතුරු මැද පළාත ඇතුළුව කොළඹ, ගම්පහ, කුරුණෑගල, වවුනියාව, මුලතිව්, හම්බන්තොට, කිලිනොච්චි දිස්ත්‍රික්කයන්වල උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමකට ඉහල යනු ඇති බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එවන් තත්ත්වයකදී වැඩි වේලාවක් අවුවට නිරාවරණය නොවන ලෙසත් ක්‍රියාකාරී කටයුතුවල නියැලීම අඩු කරන ලෙසත් දෙපාර්තමේන්තු දැනුම් දෙයි.

අධික වෙහෙස දැනෙන කටයුතු සීමා කිරීම, කුඩා දරුවන් වාහන තුල දමා නොයාම, වැඩිහිටි සහ රෝගීන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීම, වැඩිපුර ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථාන වල විවේක ගැනීම, සුදු පැහැති ඇඳුම් ඇඳීම සුදුසු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් ජනතාව දැනුවත් කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මැතිවරණ ක්‍රියාවලිය විහිළුවක් . . .

Sat Apr 15 , 2023
පළාත් පාලන මැතිවරණ අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළු සෙසු පහසුකම් සියල්ල සම්පූර්ණ වන තෙක් නැවත මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කරන්නේ නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා සඳහන් කරයි. මැතිවරණ දින ප්‍රකාශයට පත් කරමින් දිගින් දිගටම ඒවා කල් දැමීම තුළින් මැතිවරණ ක්‍රියාවලිය විහිළුවක් වන බවද හෙතෙම පැවසීය. මැතිවරණය පැවැත්වීමට අදාල සෑම බලධාරියෙකු සමඟම දැනට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x