මහ බැංකුවේ අතුරුදන්වූ ලක්‍ෂ 50 ට සිදුවූයේ කුමක්ද . . .

මහ බැංකුවේ භූගත තුන්වැනි මහලේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොටුව පොලිසිය ඒ පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිව පඹගාලක පැටලී සිටින බව වාර්තා වෙයි.

මෙසේ ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදල කිසියම් පුද්ගලයකු සොරා ගත්තේ ද එසේත් නැතිනම් අතපසුවීමකින් බැංකුවෙන් පිටවූයේ ද යන්න මෙතෙක් හෙළිකර ගැනීමට පොලිසිය සමත්වී නැත. මේ පිළිබඳ පොලිසියට කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ මුදල් ගබඩා කර තිබෙන කාමරවල නිසි ආරක්ෂක ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නොතිබූ නිසා බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම මුදල් අතුරුදන්වූ කාමරයේ සී සී ටී වී කැමරා පවා සවිකර නොතිබූ බව විමර්ශකයෝ පවසති. එමෙන්ම මෙම මුදල් ගබඩා කාමර වෙත, ලැබෙන මුදල් මෙන්ම ඒවා පිට කරන ආකාරය පිළිබඳව නිසි ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බව ද විමර්ශකයෝ පවසති.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව ඇති බව ද වාර්තා වෙයි. රටපුරා බැංකුවලට මුදල් බෙදා දෙන මෙම ඒකකය නිලධාරීන් 15 දෙනකුගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන බව හෙළිවී ඇත.

එම මුදල් භාරව සිටි නිලධාරීන් 15 දෙනාගෙන් කොටුව පොලිසිය ප්‍රකාශ ලබාගෙන තිබේ. එහෙත් අතුරුදන්වූ ලක්ෂ 50 ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ මේ වනතුරු කිසිදු හෝඩුවාවක් ලැබී නැත.

කොටුව පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

– හේමන්ත රන්දුණු

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දේශීය බිත්තර මිල පහලට . . .

Mon Apr 17 , 2023
දේශීය බිත්තරයක මිල රුපියල් 50 ට අඩුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසනවා. ඔහු කියා සිටියේ, ඊයේ (16) තම සංගමයේ නියෝජිතයින් රැස්වී මෙම තීරණය ගත් බවයි. මේ අතර ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර ප්‍රමාණය වැඩි කර, ඒවා පාරිභෝගික ජනතාවට ද අලෙවි කළ යුතු බව සමස්ත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x