රෝහිත අබේගුණවර්ධනටත් අමාත්‍ය ධුරයක් ඕනේ . . .

සමගි ජන බලවේග කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ට අමාත්‍ය ධුරයක් ලබා දෙන්නේ නම් එම දිස්ත්‍රික්කයේම පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ට ද අමාත්‍ය තනතුරක් ලබා දිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කර තිබේ.

‘රෝහිතට නොදී රාජිතට විතරක් අමාත්‍යධුරයක් දෙන්න එපා’ යයි ජනාධිපතිවරයා ගෙන විශේෂ ඉල්ලීමක් කළේ යැයි පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙක් මාධ්‍ය වෙත සදහන් කර ඇත.

රෝහිත අබේගුණවර්ධන පොදුජන පෙරමුණේ දියුණුව වෙනුවෙන් විශාල කැපවීමක් කළ අයෙකු වන නිසා ම දිස්ත්‍රික්කයේ රාජිත සේනාරත්න ට පමණක් ඇමති ධුරයක් දුනහොත් එය රෝහිත අබේගුණවර්ධන ට කරන බරපතළ අසාධාරණයක් බව පොදු ජන පෙරමුණ විසින් තවදුරටත් දැනුම් දී තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මුරලිදරන් චරිතාපදාන චිත්‍රපටය එළිදැක්වීමට සූදානම් . . .

Mon Apr 17 , 2023
ලෝකයේ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා යන ගෞරව නාමයෙන් පුද ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ අතිදක්ෂ දඟ පන්දු යවන්නෙකු තමයි මුත්තයියා මුරලිදරන්. මෙම විශිෂ්ට පන්දු යවන්නාගේ චරිතය ඇතුළත් චරිතාපදාන චිත්‍රපටයක් එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඔස්කාර් සම්මානලාභී චිත්‍රපටයක් වන Slumdog Millionaire චිත්‍රපටිය සඳහා රංගනයෙන් දායක වූ Madhurr Mittal විසින් මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x