රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ඖෂධ හිඟයට තිරසාර විසඳුම් ලබා දීමටත් ඉහළ ගිය ඖෂධ මිල පහත දමා රෝගී ජනතාවට කඩිනම් සහන ලබා දීමටත් නව වසරේ බලධාරීන්ට ඇති වගකීම අවධාරණය කිරීම. ආර්ථික අර්බුදය, ඖෂධ අර්බුදය, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රට හැර යාම, අකාර්යක්ෂම […]

අප්‍රේල් (25) වන දා, දෙමළ ජාතික සන්ධානය හා තවත් ස්වේච්ඡා සංවිධාන කීපයක් විසින් උතුරු නැගෙනහිර පළාත් වල පූර්ණ හර්තාලයක් පවත්වන ලෙස දැනුම් දී ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත්, උතුරු නැගෙනහිර පළාත් වල ඉඩම් අයිතිය වෙනත් පාර්ශ්ව වලට ලබා දීම, ආගමික ස්ථාන පිළිබදව ගැටලුව, පුරා විද්‍යා නටබුන් […]

මහ ජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාර ගනු ලැබ ඇති අතර මේ වන විට සිදු කර සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 220ක් […]

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් සපිරීම නිමිත්තෙන් ජන පවුරක් සකස් කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති. ඒ අනුව යුක්තිය ඉල්ලා එළඹෙන සිකුරාදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර දක්වා ජන පවුරක් සකස් කරන බව කොළඹ අගරදගුරු හිමියෝ පවසති. අප්‍රේල් 21 උදේ 8.00 […]

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරයක් සටහන් කර ගැනීම සදහා හිටපු නිතිපති දප්පුල ද ලිවේරා ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හෙට (19) පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව  පැවසීය. හිටපු නිතිපති දප්පුල ද ලිවේරා විශ්‍රාම යෑමට දින කිහිපයකට පෙර […]

ශ්‍රී ලාංකිකයන් යුරෝපා රාජ්‍යයන් වෙත පළා යෑම සදහා භාවිතා කරන නවතම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සමත් වී තිබේ. බොහෝ යුරෝපා රටවල තානාපති කාර්යාල සහ එම නිලධාරීන් ශ්‍රී ලංකාව තුළ නොසිටින අතර ,ඔවුන් ඉන්දියාව තුළ සිටිමින්, ශ්‍රී ලංකාවට අදාළ සිය […]

උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වල මෙන්ම කුරුණෑගල සහ මොනරාගල ජනතාවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ අදාළ පළාත් සහ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානයට” යොමුකළ මට්ටමක පවතින බවයි. වැඩබිම් තුළ සේවය කරන පිරිස් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු බවත්, සෙවණ […]

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ ප්‍රධානියෙකුගේ අනුදැනුම මත ධීවර වරායන් කේන්ද්‍රගතව වැලි ගොඩ දැමීමේ ජාවාරමක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ. විවිධ ව්‍යාපාරික සමාගම්වල ප්‍රකාශිත අභිප්‍රායන් ( EOI) කැදවීමකින් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලින්ට අනුකූලව ලබාදී ඇතැයි ධීවර අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි. ධීවර වරාය නිතිගත සංස්ථාවේ ඉහළ තනතුරක් දරණ මෙම නිලදාරියා සම්බන්ධයෙන් ධීවර ඇමතිවරයාට […]

ශ්‍රී ලංකාවට මේ දිනවල පවතින අධික උණුසුම් තත්වය ලබන මැයි මස අග දක්වා පවතින බවත් මෝසම් සුළං ශ්‍රී ලංකාව හරහා හොදින් ස්ථාපිත වූ පසු දැඩි උණුසුම් තත්වය ක්‍රමයෙන් අඩු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ආචාර්ය ශිරෝමනී ජයවර්ධන මහත්මිය පැවසුවාය. මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාස තුන සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට […]

රට පුරා බොහෝ ප්‍රදේශයන්හි මේ වන විට පොල් හා තැඹිලි මිල විශාල ලෙස ඉහළ ගොස් තිබේ. කොළඹ ඇතැම් ප්‍රදේශවල තැඹිලි ගෙඩියක් රුපියල් 200/=ක් දක්වා ඉහළ මිල ගණන්වලට අලෙවි වෙමින් තිබේ. ලොකු ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 130-150 ක් අතර මිලකට අලෙවි වෙයි. මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 100-120 අතර මිලක් වෙයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.