ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ ප්‍රධානියෙකුගේ අනුදැනුම මත ධීවර වරායන් කේන්ද්‍රගතව වැලි ගොඩ දැමීමේ ජාවාරමක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
විවිධ ව්‍යාපාරික සමාගම්වල ප්‍රකාශිත අභිප්‍රායන් ( EOI) කැදවීමකින් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලින්ට අනුකූලව ලබාදී ඇතැයි ධීවර අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
ධීවර වරාය නිතිගත සංස්ථාවේ ඉහළ තනතුරක් දරණ මෙම නිලදාරියා සම්බන්ධයෙන් ධීවර ඇමතිවරයාට පැමිණිලි පවා ලැබී තිබුණේ මෙකී සංස්ථාවේ ටෙන්ඩර් පිරිනැමීම සදහා ව්‍යාපාරික සමාගම් විසින් ඉදිරිපත් කළ ප්‍රකාශිත අභිප්‍රායන් පිළිබද වාර්තා අනෙක් සමාගම් වෙත ඉදිරිපත් කර තිබෙන බවටය.
කෙසේ වෙතත් ධීවර වරායන් කේන්ද්‍රගතව සිදුවන වැලි ජාවාරම් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතත් ජනාධිපති කාර්යාලය වෙතත් පැමිණිලි රැසක් යොමුවී තිබේ.
පසුගියදා ජනාධීපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ දී පැවති රැස්වීමකදී ගාලු වෙරළට බලපෑම් වන අන්දමින් වැලි ගොඩදැමීම් සිදුවන බවත් ඒ සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ ප්‍රධානින් අවසර දී තිබෙන බවත් චෝදනා එල්ල වූ අතර ජනාධිපතිවරයා කඩිනමින් බලධාරීන්ට උපදෙස් දී තිබුණේ එසේ වේ නම් එය නවතන ලෙසය. වැඩිදුරටත් ජනාධීපතිවරයා පවසා සිටියේ වරාය සංස්ථාවේ නිලධාරීන්ගේ කාර්යභාරය වැලි ගොඩදැමීමට අවසර දීම නොව මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීම බවය.
මේ සම්බන්ධයෙන් ධීවර අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී කියා සිටියේ ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් මෙම ක්‍රියාවලිය සඳහා අවසර දී තිබුණේ නිවැරදි ක්‍රමයට බවය. ඒ සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් සුදුසු සමාගම් තෝරාගත් බවය.
- එෆ්.අස්ලම්