අධික උණුසුම් තත්වය මැයි අග දක්වා . . .

ශ්‍රී ලංකාවට මේ දිනවල පවතින අධික උණුසුම් තත්වය ලබන මැයි මස අග දක්වා පවතින බවත් මෝසම් සුළං ශ්‍රී ලංකාව හරහා හොදින් ස්ථාපිත වූ පසු දැඩි උණුසුම් තත්වය ක්‍රමයෙන් අඩු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ආචාර්ය ශිරෝමනී ජයවර්ධන මහත්මිය පැවසුවාය.

මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාස තුන සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට උණුසුම් මාස තුනක් බව කී ජයවර්ධන මහත්මිය ශ්‍රී ලංකාව අන්තර් මෝසම් පරිච්ජේදයක සිටින නිසා පරිසර උෂ්ණත්වයට වඩා ශරීර උෂ්ණවය වැඩි බව ද සඳහන් කළාය.

ඒ හේතුවෙන් සුළගේ වේගය විශාල වශයෙන් අඩුවීමෙන් පරිසරය තුළ ජල වාෂ්ප රැදී තිබීමෙන් ශරීරයෙන් නිකුත් වන වාෂ්ප දහනය නොවීමෙන් ශරීරයට දැණෙන උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවත් පරිසර උෂ්ණවය මේ දිනවල සාමාන්‍යයෙන් අංශක 33 ත් 36 ත් අතර පැවතිය ද ශරීරයට ඊට වඩා වැඩි උෂ්ණත්වයක් දැණෙන බවත් ඇය වැඩිදුරටත් කීවාය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජයටම කෙරෙන වැලි ජාවාරම . . .

Tue Apr 18 , 2023
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ ප්‍රධානියෙකුගේ අනුදැනුම මත ධීවර වරායන් කේන්ද්‍රගතව වැලි ගොඩ දැමීමේ ජාවාරමක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ. විවිධ ව්‍යාපාරික සමාගම්වල ප්‍රකාශිත අභිප්‍රායන් ( EOI) කැදවීමකින් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලින්ට අනුකූලව ලබාදී ඇතැයි ධීවර අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි. ධීවර වරාය නිතිගත සංස්ථාවේ ඉහළ තනතුරක් දරණ මෙම නිලදාරියා සම්බන්ධයෙන් ධීවර ඇමතිවරයාට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x