කාලගුණයෙන් විශේෂ නිවේදනයක් . . .

උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වල මෙන්ම කුරුණෑගල සහ මොනරාගල ජනතාවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ අදාළ පළාත් සහ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානයට” යොමුකළ මට්ටමක පවතින බවයි.

වැඩබිම් තුළ සේවය කරන පිරිස් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු බවත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. එමෙන්ම නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබදව සැලකිලිමත් වන ලෙසට එම දෙපාර්තමේන්තුව පවසයි. වාහන තුළ කුඩා ළමුන් තනියම රඳවා නොයන ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, සෙවණ ඇති ස්ථාන වල රැදීම මෙන්ම ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් එම නිවේදනය මගින් ඉල්ලා සිටී.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යුරෝපයට පළා යෑමේ නවතම ක්‍රමය . . .

Tue Apr 18 , 2023
ශ්‍රී ලාංකිකයන් යුරෝපා රාජ්‍යයන් වෙත පළා යෑම සදහා භාවිතා කරන නවතම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සමත් වී තිබේ. බොහෝ යුරෝපා රටවල තානාපති කාර්යාල සහ එම නිලධාරීන් ශ්‍රී ලංකාව තුළ නොසිටින අතර ,ඔවුන් ඉන්දියාව තුළ සිටිමින්, ශ්‍රී ලංකාවට අදාළ සිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x