යුරෝපයට පළා යෑමේ නවතම ක්‍රමය . . .

ශ්‍රී ලාංකිකයන් යුරෝපා රාජ්‍යයන් වෙත පළා යෑම සදහා භාවිතා කරන නවතම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සමත් වී තිබේ.

බොහෝ යුරෝපා රටවල තානාපති කාර්යාල සහ එම නිලධාරීන් ශ්‍රී ලංකාව තුළ නොසිටින අතර ,ඔවුන් ඉන්දියාව තුළ සිටිමින්, ශ්‍රී ලංකාවට අදාළ සිය රාජකාරී කටයුතු ද සිදු කරමින් සිටිති. මෙම අවස්ථාව යොදා ගනිමින් ඉන්දියාව වෙත ගමන් ගන්නා ශ්‍රී ලාංකිකයන්, එහිදී තැරැව්කරුවන් මගින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස වීසා බලපත්‍ර සකස් කර ගෙන , ඒවා මගින් යුරෝපා රටවල් වෙත පළා යෑම මෙම නවතම ක්‍රමයයි.

ඒ අනුව එවැනි කූඨ ලෙස සකස් කළ මෝල්ටා රාජ්‍යයේ වීසා බලපත්‍රයක් සහිතව ඉන්දියාව වෙත ගමන් කිරීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකික තරුණයකු අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කර තිබුණි.

ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙකි .

  • ටී.කේ.ජී.කපිල
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දප්පුල ද ලිවේරා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට . . .

Tue Apr 18 , 2023
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරයක් සටහන් කර ගැනීම සදහා හිටපු නිතිපති දප්පුල ද ලිවේරා ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හෙට (19) පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව  පැවසීය. හිටපු නිතිපති දප්පුල ද ලිවේරා විශ්‍රාම යෑමට දින කිහිපයකට පෙර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x