දේශීය බැතිමතුන්ට අවාරයේ සිරිපා කරුණා කිරීම නවතා දැමිය යුතු බව ශ්‍රී පාදස්ථාන විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමි පවසනවා. උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, අවාරයේ සිරිපා කරුණා කරන ඇතැම් පුද්ගලයින් එහි දේපළවලට සහ සතා සිවුපාවුන්ට හානි කරන බවත්, අවාරයේ සිරිපා කරුණා කිරීම නවතා දැමීමට නීති සම්පාදනය කළ යුතු බවත්ය. නමුත් උන්වහන්සේ පවසන්නේ […]

ලොව ධනවත්ම නගරය බවට අමෙරිකාවේ නිව්යොර්ක් නගරය යළිත් වරක් පත්ව ඇත. මෙය මිලියනපතියන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ලොව ධනවත්ම නගර ලැයිස්තුව සකස් කෙරෙන අතර 2023 වර්ෂයේ දී ද එහි පළමු තැනට පත්ව ඇති නිව්යෝර්ක් නගරයේ මිලියනපතියන් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා ඇති බව වාර්තා වනවා. මිලියනපතියන් 340,000ක් එම නගරයේ වෙසෙන අතර එහි […]

දෙදහස් දහඅට වසරේ (2018) සිට හෙද විද්‍යාල සඳහා සිසුන් පුහුණුවට බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර නොගැනීම හේතුවෙන් හෙද විද්‍යාල වසා දැමීමට සිදුවන බවට සමස්ත ලංකා හෙද සංගමය චෝදනා කරනවා. පසුගිය වර්ෂ හතරක කාලයක් තුළ උසස්පෙළ විභාගයට පෙනි සිට හෙද විද්‍යාලවලට ඇතුළත්වීමට අපේක්ෂාවෙන් සිටින සිසුන් බඳවා ගැනීමට මෙතෙක් පියවර ගෙන නොමැති […]

මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතරමැදි පන්ති සඳහා කූට ලේඛණ සකසා සිසුවියන් 17 හත්දෙනකු ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පත්කොට තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) එච්. යු. ප්‍රේමතිලක ගේ ලිපි ශීර්ෂ අත්සන […]

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බැවින් අත්‍යවශ්‍ය හා හදිසි ශල්‍යකර්ම සිදුකළ යුතු රෝගීන් හා දැඩි සත්කාර ඒකකයේ තැබිය යුතු රෝගීන් ප්‍රධාන රෝහල් හතරක් වෙත යැවීමට එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.ඒ. එම්.ඩබ්ලිව්.එස්. බණ්ඩාර තීරණය කර තිබෙනවා. ඒ අනුව කරාපිටිය, මාතර, හම්බන්තොට හා රත්නපුර රෝහල් වෙත එම රෝගීන් මාරු […]

රිලව් ලක්ෂයක් ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීම සඳහා අයැදුම්පතක් කිසිඳු පාර්ශ්වයකින් මේ වන තෙක් ලැබී නොමැති බව චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකය ප්‍රකාශ කළ බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. එසේම රිලව් ලක්ෂයක් ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීම සඳහා කළ ඉල්ලීමක් පිළිබඳ කිසිඳු දැනුවත්භාවයක් […]

අධිවේගී මාර්ගවල  අර්ධ සුඛෝපභෝගී බස් රථ ධාවනයට ඉඩ දෙන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ  සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේය. මගීන්ට සහනදායි ගාස්තු ක්‍රමයක් යටතේ අධිවේගී මාර්ග වල ගමන් කිරීමට ඉන් හැකියාව ලැබෙන බවත් ඔහු පැවසීය. අධි සුඛෝපභෝගී බස්රථ මිලදී ගැනීමට වෙළඳපොලේ හැකියාවක් නොමැති බැවින් ඒ පිළිබඳවත් සැලකිල්ලට ගනිමින් අධිවේගී මාර්ගවල අර්ධ […]

හදිසි අනතුරකට ලක්ව වසරකට ආසන්න කාලයක් ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් සමාජයෙන් නම් එල්ල වෙන්නේ දැඩි විරෝධයක්. ඒ කෙසේ වෙතත් සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් නම් පවසන්නේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන ගැඹුරු සායනික පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ, කුමන තත්ත්වයක් යටතේ වුවද දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ නොතබන බවයි. අධ්‍යාපන බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ සතියක් තුළ එකඟතාවයකට පැමිණ විභාග පිළිතුරු පරීක්ෂා කිරීමට නොපැමිණෙන්නේ නම් අධ්‍යාපනය හදිසි නීතිය යටතේ අත්‍යාවශ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.