අධිවේගී මාර්ගවල අර්ධ සුඛෝපභෝගී බස් රථ ධාවනයට ඉඩ දෙන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේය.
මගීන්ට සහනදායි ගාස්තු ක්‍රමයක් යටතේ අධිවේගී මාර්ග වල ගමන් කිරීමට ඉන් හැකියාව ලැබෙන බවත් ඔහු පැවසීය. අධි සුඛෝපභෝගී බස්රථ මිලදී ගැනීමට වෙළඳපොලේ හැකියාවක් නොමැති බැවින් ඒ පිළිබඳවත් සැලකිල්ලට ගනිමින් අධිවේගී මාර්ගවල අර්ධ සුඛෝපභෝගී බස් රථ ධාවනයට ඉඩ දෙන්නැයි ඉල්ලීමක් කරන බවත් විජේරත්න කීවේය.
එමෙන්ම පහත තට්ටුව සහිත අධි සුඛෝපභෝගී බස්රථ 50ක් කොළඹ දිස්ත්‍රික්කය තුළ ධාවනයට අවසර දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළත් මෙතෙක් ඒ සඳහා අවසර හිමිව නොමැති බවත් ඔහු පැවසීය. එමගින් කොළඹ මාර්ග තදබදයට විසඳුම් මෙන්ම මගීන්ට ගුණාත්මක බස් රථ සේවාවක් ලබාදීමට හැකියාව පවතින බවත් ඔහු තවදුරටත් කීවේය.
- නිමල කොඩිතුවක්කු