රිලව් ලක්ෂයක් ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීම සඳහා අයැදුම්පතක් කිසිඳු පාර්ශ්වයකින් මේ වන තෙක් ලැබී නොමැති බව චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකය ප්‍රකාශ කළ බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
එසේම රිලව් ලක්ෂයක් ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීම සඳහා කළ ඉල්ලීමක් පිළිබඳ කිසිඳු දැනුවත්භාවයක් නොමැති බවද චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකය ප්‍රකාශ කළ බව චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
චීනයට වන සතුන්, ශාක අපනයනය කිරීමේදී මෙන්ම චීනයෙන් වන සතුන්, ශාක ආනයනය කිරීමේදී අධීක්ෂණ සහ කළමනාකරණ කටයුතු පිළිබඳ වගකීම පැවැරෙන ආයතනය වන්නේ චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකක යයි. එම ඒකකයේ අවසරයකින් තොරව වන සතුන් හෝ ශාක චීනයෙන් ආනයනය කිරීමට හෝ චීනයට අපනයනය කළ නොහැක.
චීනයේ පුද්ගලික සමාගමකට වඳවීමේ තර්ජනයට ලක් වී ඇති රිලව් ලක්ෂයක් පර්යේෂණ සඳහා ශ්‍රී ලංකාව අපනයනය කිරීමට සුදානම් වන බවට දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය වල පළවූ වැරදි වාර්තා මෙන්ම කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර සිදු කළ පැහැදිලි කිරීම පිළිබඳවද චීන තානාපති කාර්යාලයේ අවධානය යොමු වීම හේතුවෙන් බෙයිජිං හි පිහිටි චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකයෙන් චීන තානාපති කාර්යාලය මෙම විමසීම සිදුකර ඇත.
- විමුක්ති එස් රුද්‍රිගු