ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බැවින් අත්‍යවශ්‍ය හා හදිසි ශල්‍යකර්ම සිදුකළ යුතු රෝගීන් හා දැඩි සත්කාර ඒකකයේ තැබිය යුතු රෝගීන් ප්‍රධාන රෝහල් හතරක් වෙත යැවීමට එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.ඒ. එම්.ඩබ්ලිව්.එස්. බණ්ඩාර තීරණය කර තිබෙනවා.
ඒ අනුව කරාපිටිය, මාතර, හම්බන්තොට හා රත්නපුර රෝහල් වෙත එම රෝගීන් මාරු කර එවන බව දන්වමින් රෝහල් අධ්‍යක්ෂවරයා එම රෝහල් හතරේ අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් ද යොමු කර ඇත.
මේ අතර, එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් නොමැති නිසා අත්‍යවශ්‍ය හා හදිසි සැත්කම් සිදුකළ යුතු රෝගීන් එම රෝහලට එවීමෙන් වළකින්නැයි ද ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා රත්නපුර, මොනරාගල හා හම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් ද කර ඇති බවයි වාර්තා වන්නේ.
නිර්වින්දන වෛද්‍යවරුන් නොමැති බැවින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් එවීමෙන් ද වළකින්නැයි වෛද්‍ය බණ්ඩාර එම අධ්‍යක්ෂවරුන් වෙත යැවූ ලිපියෙන් ඉල්ලා තිබේ.