ඇත් දළ යුගලයක් විකිණීමට සැලසුම් කළ විහාරාධිපති හිමි අත්අඩංගුවට . . .

සැදැහැවතකු පූජා කළ ඇත් දළ යුගලයක් ජාවරම්කරුවන් මාර්ගයෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලකට විකිණීමට සැලසුම් කළ බව කියන විහාරාධිපති හිමිනමක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකාය කියයි.

මාතර ප්‍රදේශයේ පුද්ගලයකු විශාල ප්‍රමාණයේ ඇත් දළ යුගලක් විකිණීමට ගැණුම්කරුවකු සොයන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද රහසිගත තොරතුරක් අනුව ඉකුත් පෙබරවාරි මස දොළොස්වෙනි දින මාතර පිටබැද්දර දී විශේෂ පොලිස් කණ්ඩායමක්  එම ඇත් දළ යුගළය සමග පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ වැදගත් තොරතුරු කිහිපයක් ඔස්සේ සිදු කළ විමර්ශනයකින් අනතුරුවන් ඇත් දළ යුගලය පිටබැද්දර ප්‍රදේශයේ විහාරස්ථානයක ධාතු මන්දිරය සඳහා පූජා කරන ලද එකක් බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ අනුව ඉතා රහසිගත ලෙස එම තොරතුර සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයේදී ඒ බව සනාථ වීමෙන් අනතුරුව 65 හැවිරිදි විහාරාධිපති හිමි නම  අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

වසර පහකට පමණක් ඉහතදී ධාතු මන්දිරය වෙත පූජා කර තිබූ මෙම සද්දන්ත ඇත් දළ යුගලය සැකකාර හිමිනම උපක්‍රමශීලීව විහාරස්ථානයෙන් බැහැර කර ජාවාරම්කරුවන් මාර්ගයෙන් විකිණීමට සැලසුම් කර තිබූ බව පොලිසිය කියයි.

  • බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අවුරුදු කන්න රුපියල් බිලියන 45ක් අරගෙන . . .

Thu Apr 20 , 2023
‘අවුරුදු තුනකට පස්සේ අවුරුදු කන්න පුලුවන්කම ලැබුණා. මිනිස්සු ගම් බිම්වලට ගියා. සංචාරකයෝ ලංකාවට ආවා. අවුරුදු උත්සව නැවත පටන් ගත්තා. ලංකා බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රවලින් විතරක් රුපියල් බිලියන 45ක් අවුරුදු සුමානයේදී විතරක් අරගෙන තිබුණා’ යයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේය. මිනිස්සු ජීවත් කරවීමට, සිස්ටම් එක චේන්ජ් කිරීමට කලබලයක් තිබූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x