උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම අරඹයි . . .

උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු අද (21) ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනේ ඒ අනුව විෂයයන් කිහිපයකට අදාළව පාලක පිළිතුරු පත්‍ර සලකුණු පටිපාටිය සම්මත කරගැනීමේ ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින බවයි.

හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, භරත නැටුම්, පෙරදිග සංගීතය, කර්නාටක සංගීතය, බටහිර සංගීතය, චිත්‍ර, නාට්‍ය හා රංග කලාව සහ හින්දි යන විෂයයන්ට අදාළව එම කටයුතු ආරම්භ කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර සඳහන් කර ඇත්තේ.

යාපනය, කොළඹ, මඩකලපුව, ගම්පහ, කළුතර සහ කුරණෑගල යන නගර ආශ්‍රිත පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානවලදී එම කටයුතු සිදු කෙරෙන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම සිංහල සහ ඉංග්‍රීසි මධ්‍යය ඇතුළු අනෙක් විෂයයන්ට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා අයදුම්පත් ප්‍රමාණවත් පරිදි ලැබී ඇති බවත් එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ මේ වනවිට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මංගල ගමනේදීම පුපුරා ගිය රොකට්ටුව . . .

Fri Apr 21 , 2023
  ලොව සුපිරි ධනවතෙකු වන එලෝන් මස්කගේ “ස්පේස් එක්ස්” සමාගමේ රොකට්ටුව පළමු අත්හදා බැලීමේදීම උඩු ගුවනේදී පුපුරා ගොස් තිබෙනවා. සමස්ථ ලෝකයේම අවධානය දිනූ “ස්ටාර් ශිප්” ලෙස නම් කර තිබූ මෙම දැවැන්ත රොකට්ටුව සිය මංගල ගමනේදීම පුපුරා යන්නේ එය උඩුගුවනට එක් කර මිනිත්තු දෙකත් – තුනත් අතර කාලයක් ගතවෙද්දී වීම විශේෂත්වයක්. මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x