වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් පත් කරේ . . .

දිවයිනේ රෝහල් කිහිපයක් සඳහා වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 08 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ගේ උපදෙස් අනුවයි.

ඒ අනුව මේ වන විට පුරප්පාඩුව පවතින එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ රාජකාරි කටයුතු මෙම පත් කිරීම් හරහා ඉදිරියේදී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති.

ඒ අනුව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල, උඩුගම මූලික රෝහල, කඹුරුපිටිය මූලික රෝහල, කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහල, දික්ඔය මහ රෝහල හා මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල යන රෝහල් සඳහා වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් පත් කරනු ලැබූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ඉන්දියාවෙන් ගෙන්වූ ඇස් සඳහා භාවිත කරන පෙරෙඩ්නිසොලෝන් දියර තොගයක් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට දැනුම්දී තිබෙනවා. ඒ භාවිතයෙන් පසු ආසාදන තත්ත්වයන් මතුවීම හේතුවෙන්.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය ප්‍රකාශ කළේ, අදාළ ඖෂධය රෝහල් වෙත සැපයීමද මේ වනවිට අත්හිටුවා ඇති බවයි. ජාතික අක්ෂි රෝහලේ සිදුකළ ශල්‍ය කර්මවලින් පසුව එකවර රෝගීන් තිදෙනෙකුගේ ආසාදන මතුවීම හේතුවෙන් ප්‍රශ්නගත තත්ත්වය උද්ගත වූ බව එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රදේශයේ සාමය සදහා පාසල් සිසුවියක් කිලෝමිටර් 52 පාගමනක . . .

Fri Apr 21 , 2023
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ අවු 15 වයසැති පාසල් සිසුවියක් නාවලපිටිය සිට බගවන්තලාව දක්වා කිලෝමිටර් 52 ක දුරක් පාගමනක නිරත විය. ඇය එම විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබන වසන්ද කුමාර් නිදර්ශනා යන අයයි. සිංහල හින්දු අලුත් අවුරුද්ද අවසන් විමත් සමග ප්‍රදේශයේ සාමය ඇති කිරිමේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x