උප්පැන්නය නැතත් නිසි වයස සම්පූර්ණ කාටත් ජාතික හැඳුනුම්පතක් . . .

උප්පැන්න සහතිකයක් නොමැති වීම හේතුවෙන් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකිව සිටින නිසි වයස සම්පූර්ණ වූ පුද්ගලයන්ට ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන් හා වයස 40 ඉක්ම නොවූ පුද්ගලයන් වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ මෙම හැඳුනුම්පත් නිකුත් කිරීමට නියමිත ය.

ඒ අනුව ග්‍රාම නිලධාරි කොට්ඨාසයක ස්ථිර පදිංචියක් ඇති හා ඡන්ද නාමලේඛනයේ නම සඳහන්ව ඇති උප්පැන්න සහතිකයක් නැති වයස අවුරුදු 40 පසුවන පුද්ගලයන්ට මේ සඳහා ඉල්ලීම් කළ හැකි ය.

එමෙන් ම, අනුමාන වයස් සහතිකයක් හෝ දරුකමට හදා ගැනීමේ සහතිකයක් සමග උපන් දිනය සනාථ කළ හැකි ලේඛන ඉදිරිපත් කළ හැකි, එසේම උප්පැන්න සහතිකයක් නොමැති වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන්ට මේ සඳහා ඉල්ලුම් කිරීමට හැකියාවක් තිබේ.

වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයෙකුට සිය නම හා උපන් දිනය තහවුරු කරගත හැකි ලේඛනයක් ඉදිරිපත් කිරීමට නොහැකිවූ අවස්ථාවේදී ඔහුගේ නම, උපන් දිනය, උපන් ස්ථානය හා ලිපිනය ඇතුළත් ග්‍රාම නිලධාරි විසින් සකස් කළ වාර්තාවක් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතු ය.

එමෙන් ම, අනුමාන වයස් සහතිකයක් හෝ උපන් දිනයක් සනාථ නොවන අවුරුදු 40ට අඩු පුද්ගලයකුට ඔහුගේ දරුවකුගේ උප්පැන්න සහතිකයක්, සෞඛ්‍ය වර්ධන සහතිකයක්, පාසල් හැරයෑමේ සහතිකයක්, වතු උපත් ලේඛනයක් හෝ විවාහ සහතිකයක්, ඉදිරිපත් කිරීමෙන් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට සුදුසුකම් ඇත.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන මෙම සහනය උපයෝගි කර ගෙන ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන අය හා ජාතික හැඳුනුම්පත් ඇති මෙරට පුද්ගලයන්, වංචාසහගතව හැඳුනුම්පත් ලබා ගැනීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙස සියලුම ග්‍රාම නිලධාරීන් දැනුවත් කරන ලෙස ද

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සියලු ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලිඛිතව දැනුම්දී තිබේ. මේ පිළිබඳ සියලු තොරතුරු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හරහා ලබා ගැනීමට හැකි බව ද එම ලිපිය මගින් වැඩිදුරට ත් දන්වා ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාර්ලිමේන්තුවට එළු මස් සැපයීම නතර කෙරේ . . .

Sat Apr 22 , 2023
  මන්ත්‍රීවරුන් ඇතුළු අමුත්තන්ගේ දිවා ආහාර වේලට  එක් කෙරුණු  එළු මස් ව්‍යංජනය නතර කරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන්  ආපනශාලා අංශ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත. අධික මිල ගණන් හේතුවෙන් එළු මස් සැපයීම මෙසේ නතර කළ බව පාර්ලිමේන්තුවේ  උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය. පාර්ලිමේන්තුවේ එළු මස් ව්‍යංජනය බොහෝ මන්ත්‍රීවරුන් අතර ජනප්‍රිය වූ  ආහාරයක්විය. මේ අතර  […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x