පාර්ලිමේන්තුවට එළු මස් සැපයීම නතර කෙරේ . . .

 

මන්ත්‍රීවරුන් ඇතුළු අමුත්තන්ගේ දිවා ආහාර වේලට  එක් කෙරුණු  එළු මස් ව්‍යංජනය නතර කරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන්  ආපනශාලා අංශ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.

අධික මිල ගණන් හේතුවෙන් එළු මස් සැපයීම මෙසේ නතර කළ බව පාර්ලිමේන්තුවේ  උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය. පාර්ලිමේන්තුවේ එළු මස් ව්‍යංජනය බොහෝ මන්ත්‍රීවරුන් අතර ජනප්‍රිය වූ  ආහාරයක්විය. මේ අතර  පාර්ලිමේන්තු දිවා ආහාර වේලට ඇතුළත් කෙරුණු ආහාර වර්ග ප්‍රමාණයද (Items ) අධික මිල ගණන් හේතුවෙන් අඩු කර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

පාර්ලිමේන්තුවේ ආහාර සඳහා වාර්ෂිකව වැය කරෙන මුදල රුපියල් කෝටි 12 කට ආසන්නය. එසේම පාර්ලිමේන්තුව දිනක් රැස් කිරීම වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයවන බව ගණන් බලා ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ බොහෝ වියදම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදීම ප්‍රමාදවීම හේතුවෙන්  එහි  කටයුතුවලට බාධා මතුව ඇතැයි වාර්තා වෙයි.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රනිල් එජාප මැයි රැලියට නැහැ . . .

Sat Apr 22 , 2023
නිර්පාක්ෂික ජනාධිපති ලෙස තමා එජාප මැයි රැලියට සහභාගි නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය අඟහරුවාදා පැවති එජාප කළමනාකරණ කමිටු රැස්වීමට දැනුම් දී ඇත. පාක්ෂිකයන් මෙන්ම තරුණ කොටස් සමඟ මැයි දිනය සැමරීමට සැලසුම් සකස් කරන්නැයි ජනාධිපතිවරයා මෙහිදී එම කමිටු නියෝජිතයන්ට උපදෙස් දී තිබේ. එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලිය කොළඹ සුගතදාස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x