පැරිසියේ සිනගෝගයට මාරාන්තික බෝම්බ ප්‍රහාරයක් එල්ල කර වසර 42 කට පසුව එම ප්‍රහාරය එල්ල කළ බවට චෝදනාවට ලක්වූ ලෙබනන්- කැනේඩියානු විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුව පැරිසියේ අධිකරණයකින් වරදකරු ලෙස නම් කර තිබේ.
විනිසුරුවරයා විවෘත උසාවියේ ප්‍රකාශ කර ඇත්තේ 1980 ඔක්තෝම්බර් මස 03 වනදා එම බෝම්බය ඇටවූ තරුණයා මේ වන විට 69 හැවිරිදි වියේ පසු වන හසන් ඩයබ් බවය. බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් 38 දෙනෙකු තුවාල ලබා තිබුණි. චූදිත මහාචාර්යවරයා නඩු විභාගයට පැමිණීම ප්‍රතික්ෂේප කර තිබුණත් විනිසුරුවරයා ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.
විදෙස් මාධ්‍ය සඳහන්කළේ මෙම පුද්ගලයා පලස්තීන සම්භවයක් ඇති ලෙබනන් ජාතිකයෙක් වන බවත් ඔහු 1993 දී කැනේඩියානු ජාතිකත්වය ලබා ඔටාවා හි සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ බවය. ඝාතන සිදුවී වසර 20කට පමණ පසු 1999 දී නව සාක්ෂි මත ඔහු මුලින්ම සැකකරුවෙකු ලෙස නම් කර තිබුණි.
වසර අටකට පසු ප්‍රංශය ජාත්‍යන්තර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ ඇත. එමෙන්ම කැනඩාවට පිටුවහල් කිරීමට ද 2014 එකඟව තිබේ. නමුත් 2018 දී ප්‍රංශ මහෙස්ත්‍රාත්වරු සාක්ෂි නොමැතිකම හේතුවෙන් නඩුව අවසන් කිරීමෙන් ඔහුට නැවත කැනඩාවෙන් පැමිණීමට අවස්ථාව හිමි වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.