ත්‍රස්තවාදී ප්‍රහාරයක් ගැන බොරු ඇමතුම් දුන් මවුලවීවරයකු අත්අඩංගුවට . . .

අකුරණ නගරයේ මුස්ලිම් පල්ලියකට සහ මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ස්ථාපිත 118  හදිසි ඇමතුම්    මධ්‍යස්ථානයට ව්‍යාජ ඇමතුම් දෙකක්  ලබාදුන් මවුලවි වරයකු පරිගණක අපරාධ කොට්ඨාශය මගින් හාරිස්පත්තුව ප්‍රදේශයේදී අද (22) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හාරිස්පත්තුව  බටගොඩ  ප්‍රදේශයේ පදිංචි  (21) පුද්ගලයෙකු බවත් ඔහු  ලබාදුන්  තොරතුරු ව්‍යාජ බවටත් සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම සැකකරු ඉකුත් 18 සහ 19 යන දෙදින තුළ මෙම ව්‍යාජ ඇමතුම් 2 දෙක ලබාදී ඇති අතර,  පරිගණක අපරාධ කොට්ඨාශය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර දින තුනක් ඇතුළත   සැකකරු  අඩංගුවට ගෙන ඇත. මෙසේ ව්‍යාජ ඇමතුම් ලබා දීම හේතුවෙන්  පොලිසිය ඇතුළු රජය නිලධාරීන් විශාල වශයෙන් අපහසුතාවයට පත්  වු   බවත් ,  වැඩි පිරිසක් යොදවා ආරක්ෂාවක් තර කිරීමට සිදුවූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙවැනි ඇමතුම් මගින්  මහජනයා සහ ආගම් අතර කිසියම් කැළඹීමක් හටගැනීමට  ඉඩ තිබූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙවැනි වැරදි සිදුකරන සිදුකරන පුද්ගලයන්ට එරෙහිව උපරිම  නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

  • ඉන්දිකා  රාමනායක,මොහොමඩ් ආසික් සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

 


Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාරේ දමාගිය දරුවා හඬමින් අම්මා පස්සෙන් දුවයි . . .

Sat Apr 22 , 2023
අම්මයි බාප්පයි එකතුවී වයස අවුරුදු 05ක දරුවෙකු මහ මග දමා ගොස් සිටියදී කුට්ටිගල පොලීසිය විසින් එම දරුවා පොලිස්භාරයට ගෙන ඇත. වයස අවුරුදු  5 ක පිරිමි දරුවෙකු වන මෙම දරුවා ඔවුන් පදිංචිව සිටි ඇඹිලිපිටිය පොලිස් වසමේ සිට කුට්ටිගල පොලිස් වසමට ගොස් මහමග දමා ගොස් ඇත. මව විසින් මෙම දරුවාට පහරදී තුවාල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x