පාරේ දමාගිය දරුවා හඬමින් අම්මා පස්සෙන් දුවයි . . .

අම්මයි බාප්පයි එකතුවී වයස අවුරුදු 05ක දරුවෙකු මහ මග දමා ගොස් සිටියදී කුට්ටිගල පොලීසිය විසින් එම දරුවා පොලිස්භාරයට ගෙන ඇත. වයස අවුරුදු  5 ක පිරිමි දරුවෙකු වන මෙම දරුවා ඔවුන් පදිංචිව සිටි ඇඹිලිපිටිය පොලිස් වසමේ සිට කුට්ටිගල පොලිස් වසමට ගොස් මහමග දමා ගොස් ඇත.

මව විසින් මෙම දරුවාට පහරදී තුවාල සිදු කර ඇති අතර ‍කුට්ටිගල පොලිසිය විසින් දරුවා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට  ප්‍රතිකාර සදහා ඇතුලත් කල බවත් දරුවා අධිකරණ වෛද්‍යවරයා වෙතද ඉදිරිපත් කල බවද සදහන්වේ. දරුවාගේ මව වෙනත් විවාහයක් සිදු කරගෙන ඇති අතර එම විවාහයෙන් තවත් දරුවෙකු සිටින බව පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.

දරුවාගෙන් පොලීසිය ප්‍රශ්න කර ඇති අතර තමන්ගේ මව සහ බාප්පා විසින් ත්‍රි රෝද රතයකින් තමන් මහ මග ගෙනත් දමා ගිය බවද පොලීසියට සදහන් කර ඇත. කුට්ටිගල බෝගල් ආර ප්‍රදේශයේදී මෙම දරුවා දුටු කාන්තාවක් විසින් මේ බව කුට්ටිගල පොලීසිය දැනුවත් කර ඇත.

දරුවා දමා යන විට තමා දමා යන අම්මා යන ත්‍රී වීල් රතය පිටිපස්සේ දිව ඇති බවත් සදහන්වේ. මොවුන් මීට පෙරද බෝගල්ආර ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර දෙවැනි විවාහයෙන් පසු මෙම පිරිස් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල පිටුපස නිවසක පදිංචිව සිට ඇත. එම නිවසේ දෙවැනි විවාහයේ පුද්ගලයාගේ මව සහ බාල සහෝදරයා ජීවත්වන බව පොලීසිය පවසයි. එම නිවැසියන් පවසන්නේ මොවුන් අතුරුදන්ව ඇති බවයි.

මෙම දරුවා තවමත් පෙරපාසල් යවා නොමැත. මේ දරුවා සම්බන්ධයෙන් පොලීසියට දැනුම්දුන් කාන්තාවගේද ඥාති  සම්බන්ධයක් දරුවාගේ මවගේ පාර්ශවයෙන් තිබෙන බවද සදහන්වේ.

දරුවාගේ නලලේ සහ පිට කොන්දේ තුවාල ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට මව අත්අඩංගුවට ‍ගැනීමට පොලීසිය පරික්ෂණ සිදු කරයි. දෙවැනි විවාහයේ පුද්ගලයා ඇඹිලිපිටිය රෝහල ඉදිරිපිට ත්‍රී රෝද රතගාලේ ත්‍රී රෝද හයර් යන අයෙකු බව පොලීසිය හදුනාගෙන ඇත.

මේ වන විට කුට්ටිගල පොලීසිය විසින් දරුවගේ ආච්චි භාරයේ ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුලත්කර ඇත. අධිකරණ වෛද්‍ය වරයාගේ නිර්දේශය අනුව මෙම දරුවා රෝහල් ගත කර ඇත. මෙම දරුවා ප්‍රතිකාර වලින් අනතුරුව පරිවාසය හරහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

– ප්‍රගීත් ජනක

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආත්ම ගෞරවය වෙනුවෙන් රැකියාව නතර කල ඉෂාරා දේවේන්ද්‍ර . . .

Sat Apr 22 , 2023
තම ආත්ම ගෞරවය වෙනුවෙන් තමන් කැමතිම රැකියාව අත හැරීමට තීරණය කළ බව මෙරට රාජ්‍ය මාධ්‍ය ආයතනයක නිවේදිකාවක ලෙස සේවය කරන ලද ඉෂාරා දේවේන්ද්‍ර සඳහන් කරයි. ආයතනයේ සිටින පුහු හයියක් මවාගත් නාකි මහල්ලන්ගේ මානසික පීඩාකාරී තත්ත්වයන් ඉවසා ගැනීමට නොහැකිව තමන් මෙම තීරණය ගත් බවද ඇය සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x