දූපතක් විකිණීමට තිබේ . . .

ස්කොට්ලන්තයේ දකුණු වෙරළ තීරයේ පිහිටි දූපතක් අමෙරිකානු ඩොලර් 190,000 කට අලෙවි කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එය ජනාවාස රහිත දූපතක් වන අතර ශීත ඍතුවේ දී පශු සම්පත් සහ අනෙකුත් විශේෂ සඳහා ජලය සපයන පොකුණකින් සමන්විතයි. අක්කර 25 ක පමණ විශාලත්වයකින් යුත් එම දූපත, මුහුද දක්වා විහිදෙන තණකොළවලින් සහ හරිත පාෂාණවලින් සමන්විත වේ. විශාලතම මුහුදු පක්ෂි ගහණයෙන් ද එය යුක්ත වන අතර දැනට එම දූපතේ ගොඩනැගිලි නොමැත.

එම දූපතෙහි ඉදිකිරීම් සඳහා පවතින අවස්ථා පිළිබඳව දේශීය සැලසුම් අධිකාරිය සමඟ සාකච්ඡා කරන ලෙස ගැනුම්කරුට උපදෙස් ලබා දී ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අධික උෂ්ණයෙන් දෙදෙනෙක් මරුට . . .

Mon Apr 24 , 2023
අධික උෂ්ණය නිසා තාප කම්පන තත්ත්වයට පත්වී එප්පාවල පදිංචි දෙදෙනකු මිය ගොස් ඇත. ඉන් එක් අයකු අවුරුදු උත්සවයකදී කඹ ඇදීමේ තරගයට සහභාගි වී තෙහෙට්ටුවට තම හිසට අයිස් වතුර දමා ගැනීමෙන් පසු ද අනෙක් පුද්ගලයා තම කුඹුරේ තණකොළ කැපීමෙන් පසු අව් රස්නය නිසා දිය නා තිබීමෙන් ද සංකූලතා හට ගැනීමෙන් මියගිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x