දේශපාලන හිතවතුන්ට අධිවේගී මාර්ග බලපත්‍ර දීලා . . .

 

දේශපාලන හිතවතුන් සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව අධිවේගී මාර්ග බලපත්‍ර 35ක්  ලබාදීමට කටයුතු කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේය.

ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදී ඇති මෙම අධිවේගී මාර්ග බලපත්‍ර හේතුවෙන් රජයට වසරකට රුපියල් කෝටි තුන්සියයකට වඩා පාඩුවක් සිදුවන බවත් විජේරත්න කීවේය. මෙම අධිවේගී මාර්ග බල පත්‍ර වලින් වැඩි ප්‍රමාණයක් දක්ෂිණ අධිවේගී මාර්ගය ආශ්‍රිතව ලබාදී ඇති බවත් ඇඹිලිපිටිය – කොළඹ, මාතර – ත්‍රිකුණාමලය, ගාල්ල – අරුගම්බේ ආදි මාර්ග වල එම  බස් රථ ධාවනය වෙන බවත් ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරන බවත් ගැමුණු විජේරත්න තවදුරටත් කීවේය.

  • නිමල කොඩිතුවක්කු

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සීතා අම්මාන් කෝවිලේ සමරු මුද්දරයක් නිකුත් කරයි . . .

Sun Apr 23 , 2023
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ඇතුළු පිරිසක් එක්ව, නුවරඑළියේ සීතා අම්මාන් විහාරයේ භාවනා මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා මුල් ගල් තැබීමක් සිදු කර තිබෙනවා. අදාළ විහාරය මූලික කරගනිමින් සමරු මුද්දරයක් ද නිකුත් කිරීමටයි මෙහිදී පියවර තිබීම විශේෂත්වයක්. ඉන්දියාවෙන් සහ වෙනත් ප්‍රදේශවලින් වැඩි වශයෙන් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x