හම්බන්තොට භූමිකම්පාවේ බලපෑම . . .

අද (24) හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රෙද්ශයේ රික්ටර් මාපකයේ ඒකක 4.4ක සුළු භූකම්පනයක් අලුයම හටගෙන තිබේ.

මේ හේතුවෙන් කිසිදු සුනාමි අවදානමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය  පැවසුවේය. එම භූ කම්පනය හම්බන්තොට මිරිජ්ජවිල, ගොඩවාය, ඩිපෝ හංදිය, දෙහිලන්ද සහ අම්බලන්තොට ප්‍රදේශවලට දැනුණු බව එම ප්‍රදේශවල ජනතාව සඳහන් කළේය.

“ඉස්සෙල්ලා ගොරවනවා වගේ සද්දයක් ඇහුණා.මම හිතුවා අහස ගොරවනවා කියලා. නමුත් ඒ එක්කම පොළොව හෙළවෙනවා මට දැනුනා. ඇඳ ගැස්සෙනවා වගේ. සාමාන්‍යයෙන් තත්ත්පර 15ක් වගේ තිබුණා.”

“පාන්දර 12.45ට වගේ යාන්තම් ඇඳ හෙළවුණා.”

“වැඩිවෙලා තිබුණේ නෑ. තත්ත්පර ගාණකින් ඉවරවුණා.”

කෙසේ වෙතත් මේ පිළිබඳව සිදුකළ විමසීමකදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් නොමැති බවය. මේ පිළිබඳව අදහස් දැක්වු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (භූ විද්‍යා) ආචාර්ය ස්ටෙරින් ප්‍රනාන්දු ,

“අපිට කිසිම වාර්තාවක් වෙලා නෑ කිසිම ඩැමේජ් එකක් වුණා කියලා. නමුත් කම්පනය ලංකාවේ විවිධ ප්‍රදේශවලට දැනිලා තියෙනවා. වැඩියෙන්ම හම්බන්තොට ප්‍රදේශයට දැනිලා තියෙනවා. බදුල්ල, නුවර හා මාවනැල්ලටත් දැනිලා තියෙනවා. භූ විද්‍යාත්මක දත්ත අනුව විශාල භූ කම්පන බලාපොරොත්තු විය නොහැකි වුවත් සුළු සුළු කම්පන මේ දිනවල සිදුවෙනවා. අපි ඒ අනුව ගණනය කිරීම් සිදුකරමින් වඩාත්ම භූකම්පන සිදුවිය හැකි ස්ථාන හඳුනා ගනිමින් පවතිනවා. අද දින භූ විද්‍යාඥයින් කණ්ඩායමක් හම්බන්තොට ප්‍රදේශයට යනවා. මේ භූකම්පනයෙන් යම් ආපදාවක් වෙලා ද බලන්න. නමුත් කිසිම සුනාමි තත්ත්වයක් නෑ. ඒ ගැන බිය විය යුතු නෑ.”

අද දිනයේ වාර්තා වූ මෙම භූ චලනවලට අමතරව ඉකුත් පෙබරවාරි 10 වැනිදා සිට භූ චලන සිදුවීම් රැසක් මෙරටින් වාර්තා වුණි. රටේ කතාබහක් ඇති කළ මාතෘකාවක් බවට පත්වු එම භූ චලන වාර්තා වුණේ මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන, ඔක්කම්පිටිය, ත්‍රිකුණාමලය සහ කිරින්ද ඇතුළු ප්‍රදේශ කිහිපයකිනි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් කැඳවයි . . .

Mon Apr 24 , 2023
ජාතික පාසල්වලට අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව 6 ශ්‍රේණිය හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බවයි. ඒ අනුව අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව පවතින පුරප්පාඩු සඳහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x