පාසල් දිවා ආහාරය නවතියි . . .

මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් පවතින ආර්ථික අර්බුදය සමග එදිනෙදා වියදම් කළමනාකරණය කරගත නොහැකිව ආහාර සපයන පිරිස් දැඩි අර්බුද රැසකට මුහුණ දී තිබීමෙන් පාසල්වල දිවා ආහාරය සැපයීමේ සේවාවෙන් බොහෝ පිරිසක් ඉවත්ව ඇතැයි අනාවරණය වේ.

දකුණු පළාතේ පාසල්වල ප්‍රාථමික අංශයට දිවා ආහාරය සපයන පුද්ගලයන්ට මේ වසරේ පෙබරවාරි මස සිට මෙතෙක් අදාළ මුදල් ගෙවා නැති බවද වාර්තා වේ විය.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ විමසීමේදී පවසා ඇත්තේ, මුදල් ප්‍රතිපාදන සම්බන්ධ ගැටලුවක් පවතින නිසා මෙම මුදල් ගෙවීම සිදු කිරීමට නොහැකි තත්වයක් මතුව ඇති බවය. ඒ අනුව, මේ වසරේ පෙබරවාරි සිට මෙතෙක් අදාළ මුදල් දකුණු පළාතේ සියලු ම පාසල්වලට මෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පාසල්වලද දිවා ආහාරය සපයන්නන්ට එම මුදල් ගෙවා නැති බව අනාවරණය විය.

බස්නාහිර පළාතේ පාසල්වලට පමණක් අදාළ මුදල් ගෙවා ඇතැයිද වාර්තා වේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෝදර හොර බෙහෙත් ගබඩාව . . .

Tue Apr 25 , 2023
කොළඹ 15, මෝදර ප්‍රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලා එහි හිමිකරුගේ නිවසේ තිබූ ඖෂධ තොගයක් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගත් බවට සැක කරන අමුද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර සහ ඖෂධ අංශය පවසයි. මත්ලෝලීන් බහුලව භාවිතයට ගන්නා ප්‍රබල වේදනා නාශක කරල් අදාළ පුද්ගලයා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x