පෙර පාසල් දිවා ආහාරයට ප්‍රංශයේ සහය . . .

පෙර පාසල් දරුවන්ගේ දිවා ආහාර වැඩසටහන සඳහා යුනිසෙෆ් ආයතනය හරහා ඍජු දායකත්වයක් සැපයීමට ප්‍රංශ රජය සහය පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රැන්කොයිස් සමග කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ අතර ඊයේ (අප්‍රේල් 24) අමාත්‍යාංශයේදී පැවැති හමුවකදී බව ප්‍රකාශ කර තිබේ. එහිදී ප්‍රංශ තානාපති දැනට ක්‍රියාත්මක පෙර පාසල් දරුවන්ගේ දිවා ආහාර වැඩසටහන සඳහා සෘජු දායකත්වයක් යුනිසෙෆ් ආයතනය මගින් ලබා දීමට එකඟතාව පළ කර ඇත. මීට අමතරව ප්‍රංශ තානාපති හා ජනාධිපතිවරයා අතර හමුවක් ද පැවත්වීමට මෙහිදී තීරණය විය.

මොනරාගල ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ වැඩකටයුතු නිම කිරීම, ළමා හා කාන්තා හිංසන පිළිබඳ දැනුම්දීම සඳහා හඳුන්වා දී ඇති දුරකතන අංක සඳහන් (1929, 1938) ස්ටිකරයක් මුද්‍රණය කිරීම, වතුකරයේ වැඩ කරන පුරුෂ පක්ෂයට සාපේක්ෂව කාන්තාවන්ගේ වැටුප අඩු අගයක් ගැනීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානාත්මතාව හා කාන්තා සවිබල ගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳව අමාත්‍යවරිය ප්‍රංශ තානාපතිවරයා දැනුවත් කළා ය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් යමුනා පෙරේරා ද සහභාගි වූවා ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සුඩානයේ සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් බේරා ගැනෙති . . .

Wed Apr 26 , 2023
සුඩානයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු අද (අප්‍රේල් 26) උදෑසන වන විට ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ගෙන ඇති බව විදේශ කටයුතු කටයුතු අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ, සෞදි රජයේ සහය ඇතිව 13 දෙනා සෞදි අරාබියේ ජෙඩා වෙත රැගෙන ගොස් ඇති බව ය. ශ්‍රී ලංකාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x