මෝදර හොර බෙහෙත් ගබඩාව . . .

කොළඹ 15, මෝදර ප්‍රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලා එහි හිමිකරුගේ නිවසේ තිබූ ඖෂධ තොගයක් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගත් බවට සැක කරන අමුද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර සහ ඖෂධ අංශය පවසයි.

මත්ලෝලීන් බහුලව භාවිතයට ගන්නා ප්‍රබල වේදනා නාශක කරල් අදාළ පුද්ගලයා නිෂ්පාදනය කර ඇති බවත් ඉන්දියාවේ ඖෂධ වෙළඳ නාමයන්ට සමාන වන ලෙස මොහු ඖෂධ නිෂ්පාදනය කර ඇති බවත් ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අධිකාරියේ අධීක්ෂණ සහ බලාත්මක කිරීමේ අංශයේ ප්‍රධානී ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා සහ ජේෂ්ඨ ආහාර හා ඖෂධ පරීක්ෂක මහින්ද කුමාරසිරි  ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම ක්‍රියාත්මක කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගිනිගත් නැවේ කප්පම්කරුගේ නම එළියට . . .

Tue Apr 25 , 2023
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චාමර ගුණසේකර නොමැති පුද්ගලයකු පිළිබඳව තොරතුරක් ලැබී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද පැවසීය. තමාට ලැබුණු ඒ තොරතුරෙහි චාමර ගුණසේකර නට්වෙස්ට් කෝට් 50000 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x