සීසන් එකෙන් ලංගමේ යන සිසුන්ට අලුත්ම නීතියක් . . .

පාසල් වාර ප්‍රවේශ පත්‍රය ලබා ගෙන ලංගම බස් රථවල ගමන් කිරීම සම්බන්ධයෙන් දඹුල්ල ඩිපෝව විසින් නීති රෙගුලාසි කිහිපයක් පනවා තිබෙනවා.

ඒ, අනුව රැවුල වැවීම, කොණ්ඩය වර්ණ ගැන්වීම ආදී විලාසිතාවලින් හැඩ වී පාසල් වාර ප්‍රවේශපත්‍ර භාවිතා කර ලංගම බස් වල ගමන් කිරීමෙන් වළකින ලෙසයි දඹුල්ල ඩිපෝවේ කළමනාකරු පවසන්නේ. ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත්තේ, ඩිපෝව තුළ, පාසල් වාර ප්‍රවේශ පත්‍රය ලබා දෙන ස්ථානයේ දැන්වීමක් ප්‍රදර්ශනය කරමින්

එලෙස රැවුල වැවීම, කොණ්ඩය වර්ණ ගැන්වීම ආදී විලාසිතාවලින් සැරසී පාසල් වාර ප්‍රවේශ පත්‍රය යටතේ ලංගම බස් රථයක ගමන් ගන්නේ නම් අදාළ පාසල් වාර ප්‍රවේශ පත්‍රය අත්අඩංගුවට ගැනීමට කොන්දොස්තරවරයාට බලය පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. එලෙස ගමන් කරන සිසුවෙකුගේ පාසල් වාර ප්‍රවේශ පත්‍රය කොන්දොස්තර විසින් ලබා ගතහොත් අදාළ ළමුන් බස් රථයේ ගමන් කිරීමට නම් ප්‍රවේශ පත්‍රයක් ලබා ගත යුතු වනවා.

එමෙන්ම එලෙස නොකර ගමන් ගන්නා සිසුන් ජංගම පරීක්ෂක කණ්ඩායම්වලට හසු වුවහොත් දඩ මුදල් ගෙවීමට ද සිදුවන බවයි ඩිපෝ කළමනාකරු ප්‍රකාශ කර ඇත්තේ.

දඹුල්ල ඩිපෝ කළමනාකරු නිකුත් කර තිබූ නිවේදනය පහතින්.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පෙර පාසල් දිවා ආහාරයට ප්‍රංශයේ සහය . . .

Tue Apr 25 , 2023
පෙර පාසල් දරුවන්ගේ දිවා ආහාර වැඩසටහන සඳහා යුනිසෙෆ් ආයතනය හරහා ඍජු දායකත්වයක් සැපයීමට ප්‍රංශ රජය සහය පළ කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රැන්කොයිස් සමග කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ අතර ඊයේ (අප්‍රේල් 24) අමාත්‍යාංශයේදී පැවැති හමුවකදී බව ප්‍රකාශ කර තිබේ. එහිදී ප්‍රංශ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x