සුනඛයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට නීතීඥවරියක් අත්අඩංගුවට . . .

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ නීතීඥ පුතෙකුගේ නිවසක සුරතලයට ඇතිකරන සුනඛයකුට වස දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරියක් අද (25) අත්අඩංගුවට ‌ගෙන තිබේ.

කහතුඩුව පොලිසිය පැවසුවේ මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි. කිරිවත්තුඩුව තලගලවත්ත ප්‍රදේශයේ පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවස පිහිටි භූමිය අවට ස්ථාන කිහිපයක ඉකුත් 12 දා කුඩා ප්‍රමාණයේ සැකකටයුතු පාර්සල් කිහිපයක් තිබී ඇති අතර ඒ බව දුටු මෙහෙකාරිය නීතිඥවරයා දැනුවත් කර ඇති අතර ඒ පිළිබඳව සොයා බලමින් සිටියදී එක්වරම නිවසේ ඇතිකරන සුනඛයා සෙම පෙරාගෙන සිහිසුන්ව බිම ඇද වැටී තිබේ.

ඒ අනුව පශු වෛද්‍යවරයෙකු නිවසට කැඳවා සුනඛයා පරික්ෂා කොට ඇති අතර එහිදී වෛද්‍යවරයා පවසා ඇත්තේ කිසියම් වස වර්ගයක් ශරීරගතවීමෙන් සුනඛයා මියගොස් ඇති බවයි. ඒ අනුව නිවසේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පරික්ෂා කිරීමේදී ඉකුත් 12 දා නිවස ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණි රතු පැහැති මෝටර් රථයක් පැමිණ ඉන් බැසගත් පුද්ගලයෙකු කිසියම් ද්‍රව්‍යයක් වත්ත තුළට විසි කරන අයුරු දැක තිබේ.

ඒ අනුව නිවස හිමි නීතිඥවරයා සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමේදී සැකකටයුතු ලෙස පැමිණි මෝටර් රථය මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි  ශ්‍රේෂ්ඨාධිකරණයේ රාජකාරියේ නිරත නීතිඥවරියක ට අයත් එකක් බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසයි.

ඒ අනුව සැකකාර නීතිඥවරියට අද (25) පොලිසියට පැමිණෙන ලෙසට කළ දැනුම්දීමකට අනුව පොලිසියට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශයක් සටහන් ලබාගෙන කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාස්කු කොමිෂන් වාර්තාව රදගුරු සංගමයට බාර දෙයි . . .

Tue Apr 25 , 2023
පාස්කු ප්‍රහාරය  සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපත් රජය ශ්‍රී ලංකා කතෝලික  රදගුරු සංගමයට අද බාර දුන්නේය. කොළඹ රදගුරු පදවියේ සන්නිවේදන කටයුතු බාර කමිටුවේ සාමාජික  සිරිල් ගාමිණී පියතුමන් පැවැසූයේ අදාළ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් ඇතුළත් සී.ඩී තැටි රජය විසින් ලබාදුන් බවත් ඒවායේ සම්පූර්ණ විස්තර තිබේ දැයි බැලිය යුතු බවත් ය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x