ජනපතිගෙන් හදිසියේම විශේෂ ප්‍රකාශයක් . . .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා, විදේශ බැංකු මුල්‍ය ආයතනවල විශ්වාසය අපි දැනටම ලබාගෙන තියෙනවා. දැනටම ආර්ථික ස්ථාවරභාවය ඇති වී ගෙන යනවා. සමාජ ආරක්ෂණයට වැඩි මුදලක් ලැබෙනවා. ආයෝජකයින් ලංකාව දිහා බලනවා. 16 වතාවක් IMF ගිවිසුමට ඇවිල්ලා ඒක සම්පූර්ණයෙන් කරේ නෑ. 17 වෙනි අවස්ථාවේ දී ස්ථාවර විසඳුමක් එද්දි අපේ දීර්ඝ කාලීන දුර්වලකම් නැති කරලා අලුත් වැඩසටහනකට යන්න තියෙනවා. මේකට කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමා ණය පිළිබඳ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අපිට තියෙන සාකච්ඡා.

ඒක අපේ ද්විපාර්ශවික රටවල් එක්කත් ඒ වගේම පුද්ගලික ණයකරුවන් සමග සාකච්ඡා කරනවා. අපිට උවමනයි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න. රජයට අවශ්‍ය සේවයන් සඳහා මුදල් ලබාගන්න. ඒ නිසා පළමුවෙන්ම අපිට තියෙන්නේ විදේශ ණයකරුවන් සමග සාකච්ඡා කරන්න. ඒ වගේම ඒ අය කියලා තියෙන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැනත් සාකච්ඡා කරන්න කියලා.

දැනට අන්තිම තීරණය අරගෙන නෑ. ඒකයි රාජ්‍ය ඇමතිතුමත් මහ බැංකු අධිපතිතුමත් කිව්වේ. නමුත් මේ ගැන සාකච්ඡා කරද්දි අපි තීරණ ගන්න ඕනේ. අපිට කොන්දේසි දාලා සාකච්ඡා කරන්න බෑ. ඒ අය කොන්දේසි දාලා අපි එක්ක සාකච්ඡාවට එනවා. ඊට වඩා අපිට වාසියි කොන්දේසි නැතිව සාකච්ඡාවලට යන එක. කාටවත් හානියක් වෙන්නේ නෑ. සමහර බැංකු කියනවා මේකට මුහුණදෙන්න බෑ කියලා. මම කියන්නේ එහෙම නම් තමන් භාරගෙන මේ ආර්ථිකය ගෙනියන්න.

එක එක අයට තුවක්කුවක් ඔළුවට තියලා කියන්න බෑ මේක කරොත් මේක කඩා වැටෙනවා කියලා. විශේෂයෙන්ම කොටස් වෙළෙදෙපොළ කඩා වැටෙනවා කියලා. කඩා වැටුණොත් මම ඒක වහන්නම්. එච්චරයි තියෙන්නේ. මේක හදලා එද්දි කියන්න බෑ මේ කොන්දේසි ගැන. අපි පාර්ලිමේන්තුවේ තීරණය කරලා කියන්නම් මොකද්ද කරන්න ඕනේ කියලා.

මම දැක්කා අර්ථ සාධක අරමුදල ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ සාමාජිකයින්ට අපි හානියක් වෙන්න ඉඩ දෙන්නේ නෑ. අපි නේ ආරම්භ කළේ. දරිද්‍රතාවයෙන් පෙළෙන අයට අපි වැඩ කරනවා. ලෝක බැංකුව කියනවා මේ අය ගැන බලන්න කියලා. දිය යුත්තන්ට දෙන්න. සුදුසුකම් නැති අය ඉවත් කරන්න. අපි අලුත් ආරක්ෂක ඡාලාවක් ඇති කරන්න ඕනේ.

විශේෂයෙන් අපිට මුල්‍ය ස්ථාවරභාවයක් ඇති කරන්න ඒ වගේම අඩු ආදායම්ලාභීන්ව ආරක්ෂා කරන්න ඕනේ.

අද දවසේ පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීමට වෛද්‍යවරු සූදානම් වෙයි . . .

Wed Apr 26 , 2023
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කරන්නේ, උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ආරම්භ නොකිරීම මහත් ඛේදවාචකයක් බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා සඳහන් කළේ, විශ්ව විද්‍යාල ආචාර්‍යවරු ආණ්ඩු මාරු කිරීමට කොන්ත්‍රාත් ගන්නා පිරිසක් බව මෙන්ම ඔවුන්ට මේ රටෙහි දියුණුව පිළිබඳ හැගීමක් නොමැති බවත් ඒ පිළිබඳ තැකීමක් නොකරන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x