දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල ආයෝජනය කිරීමේ සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයින්ට අවස්ථාව ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. අද (26) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ,
“දුම්රිය ආදායම වැඩිකිරීම සඳහා දුම්රිය සතුව පවතින විශාල වත්කම් දේපළ ප්‍රමාණයක් තියෙනවා. අක්කර 14,000ක් පමණ තියෙනවා. අපේ මේ අයිතිය සම්පූර්ණයෙන්ම මහපොළොවත් එකක් අයිතිය දුම්රිය දෙපාර්තමේන්තුවේ තබාගෙන එතනින් උඩු මහල් සඳහා විවිධ ව්‍යාපෘති සඳහා ඉතා මැතකදී EOI එකක් කැඳවනවා පිටකොටුව, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය, හික්කඩුව, ඇල්ල, ගම්පොළ, කටුනායක, කඩුගන්නාව වැනි ස්ථානවල ඉතාම දර්ශනීය වෙනත් ආයෝජකයින්ට අපි ඉඩ ප්‍රස්ථාව ලබාදෙනවා. තමන් මහපොළොවයි, දුම්රිය ස්ථානයයි නවීකරණය කරලා ආයෝජකයා ඉතිරි ප්‍රමාණය මඩකලපුවේ හරි ත්‍රිකුණාමලයේ හරි වෙනත් පුද්ගලික ආයෝජකයින්ට දේශීය හා විදේශීය වශයෙන් දෙනවා ව්‍යාපෘතියක් කරලා ඉවර වෙලා රටේ නිමැවුම් ආදායම සේවා නියුක්තිය වැඩිවෙන විදිහට ඵළදායක ලෙස සම්පත් කළමනාකරණය කරන්න විශේෂ ඒකකයක් පිහිටුවලා තියෙනවා.”