සුඩානයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු අද (අප්‍රේල් 26) උදෑසන වන විට ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ගෙන ඇති බව විදේශ කටයුතු කටයුතු අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ, සෞදි රජයේ සහය ඇතිව 13 දෙනා සෞදි අරාබියේ ජෙඩා වෙත රැගෙන ගොස් ඇති බව ය. ශ්‍රී ලංකාව සුඩානයේ ආරක්ෂක තත්ත්වය අඛණ්ඩව අධීක්ෂණය කරන අතර අතරමංවී සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීම සඳහා ඉන්දීය රජය සහ සෞදි අරාබිය ඇතුළු එහි ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සමීපව කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන් වේ.
තව ත් ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙකු එම ස්ථානයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය සෑම උත්සාහයක් ම ගනිමින් සිටින බව ද විදේශ කටයුතු කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
සුඩානයේ හමුදාව සහ කැරළිකරුවන් අතර පවතින ගැටුම් හේතුවෙන් විශාල පිරිසක් මිය යාම නිසා එහි සිටින ශ්‍රී ලාංකිකයින් නිරුපද්‍රිතව බේරා ගැනීමට ශ්‍රී ලංකා රජය කයිරෝවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කාර්ටූම්හි ශ්‍රී ලංකා කොන්සල් සුඩාන බලධාරීන් සහ කාර්ටූම්හි ඉන්දීය තානාපති කාර්යාලය ඇතුළු කාර්ටූම්හි අදාළ පාර්ශ්වයන් සමග නිරතුරුව සම්බන්ධතා පවත්වන බව ද විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.