උසස් පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීමට වෛද්‍යවරු සූදානම් වෙයි . . .

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කරන්නේ, උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ආරම්භ නොකිරීම මහත් ඛේදවාචකයක් බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා සඳහන් කළේ, විශ්ව විද්‍යාල ආචාර්‍යවරු ආණ්ඩු මාරු කිරීමට කොන්ත්‍රාත් ගන්නා පිරිසක් බව මෙන්ම ඔවුන්ට මේ රටෙහි දියුණුව පිළිබඳ හැගීමක් නොමැති බවත් ඒ පිළිබඳ තැකීමක් නොකරන බවත් ය.

රජය විසින් වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් පිළිතුරු පත්‍ර ඇගයීම සිදු කිරීමට සූදානම් බව ද වෛද්‍යවරයා එහි දී අනාවරණය කළා. 83 ජූලියේ වර්ජකයන් මෙන් මේ සියල්ලන් ම සේවයෙන් නෙරපා දැමිය යුතු බව ද අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලන‍යේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක ඊයේ (25) පවසා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට තමන්ට අවස්ථාව ලබාදීමෙන් අනතුරුව උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා දායකත්වය ලබාදෙන බවයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ඉවත් වූයේ රජය ගෙන යන බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින්.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහර රැඳවියන්ට වෙඩි තැබීම . . .

Wed Apr 26 , 2023
‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාදනය වූ රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන්නැයි ඉල්ලා මහර බන්ධනාගාරයේ රැඳවියන් කළ විරෝධතාවක දී ඔවුන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනකුගේ මරණ සිදුකිරීම අපරාධයක් බව තීරණය කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන , එම අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x