ලොව උසම දුම්රිය පාලම විවෘත කිරීම සඳහා සියළු කටයුතු සූදානම් බව ඉන්දීය ප්‍රවාහන කටයුතු භාර අමාත්‍ය Vijay Kumar Singh පවසනවා. චෙනාබ් ගඟ හරහා ළඟදීම විවෘත කිරීමට නියමිත මෙම පාලම ලෝකයේ උසම දුම්රිය පාලම බවයි වාර්තා වන්නේ. එය පැරිසියේ අයිෆල් කුළුණට වඩා වැඩි උසකින් යුතු අතර මෙම පාලම ඉදි කිරීම මගින් ප්‍රවාහන […]
Day: April 27, 2023
සයිමන් නවගත්තේගම ශුරීන්ගේ ‘ක්ෂීර සාගරය කැලඹිණ’ නවකතාවේ සිනමාපටය එළඹෙන මැයි 18 සිට දිවයින පුරා තිරගත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම නිර්මාණය අධ්‍යක්ෂණය කළේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින්. මේ ඔහුගේ සිනමා දිවියේ විසිපස්වන සිනමා පටයි. සයිමන් නවගත්තේගම රචිත “ක්ෂීර සාගරය කැළඹිණ” නැමැති නවකතාව අනුසාරයෙන් මෙහි තිර පිටපත රචනා කොට තිබෙන නමුත්, චිත්‍රපටය […]
ගුවන් විදුලි සහ රූපවාහිනී සඳහා වඩාත් විනිවිද පෙනෙන ආකාරයෙන් බලපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (27) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. විද්‍යුත් විකාශන අධිකාරී පනත් කෙටුම් පතේ බොහෝ […]
ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට දේශීය ගනුදෙනුවලදී ඉන්දීය රුපියල භාවිත කිරීමට අවසර හිමි වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරනවා. ඔහු ඒ බව කියා සිටියේ,ඉන්දීය වාණිජ කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථිකය, වත්මන් තත්ත්වය සහ ඉදිරි ගමන මැයෙන් වූ විශේෂ සම්මන්ත්‍රණයකට […]
ශ්‍රී ලංකාවේ තරුණ ගොවි සමාගමක් විසින් ප්‍රථමවරට ඉදි කර ඇති Potato Chips නිෂ්පාදන සැකසුම් කර්මාන්ත ශාලාවේ ඉදි කිරීම් කටයුතු මේ වනවිට බණ්ඩාරවෙළ කහත්තේවෙල ප්‍රදේශයේ අවසන් කර තිබේ. කහත්තේවෙල ප්‍රදේශයේ තරුණ ගොවි මහත්වරුන් පිරිසක් විසින් පවත්වාගෙන යන කහත්තේවෙල තරුණ ගොවි සමාගම විසින් මෙම Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන හා අපනයන කටයුතු […]
රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම හොඳ දෙයක් බව සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් සඳහන් කරයි. නමුත් එහි තේරුම රාජ්‍ය සේවකයන් පාරට දමා සියලු දේ විකිණීම නොවන බවද හෙතෙම කියා සිටියි. නමුත් රජයක් ලෙස පෞද්ගලික අංශයේ සියලු ව්‍යාපාර කිරීම සුදුසු නොවන බවත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් යනුද රටේ ජනතාව බවත් ඔහු සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය […]
ශ්‍රී ලංකාවට කිලෝමීටර 900-1000ක් දුරින් නව භූ තල මායිමක් ඉන්දු- ඔස්ට්‍රේලියානු භූ තැටිය දෙකඩ වෙමින් නිර්මාණය වීමේ ප්‍රවණතාවක් හා ලක්ෂණ පෙන්නුම් කරන බව භූවිද්‍යාඥයන් විශ්වාස කරන බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ජානක අජිත්ප්‍රේම පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි […]
කොළඹ නගරයට හා තදාසන්න නගරවලට දිනපතා පැමිණෙන වාහන නිසා ඇතිවන නාගරික තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ බහු මහල් රථගාල් හතරක් ඉදිකෙරේ. නාගරික සංවරධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව මෙම රථගාල් ඉදිකරනු ලැබේ. ඉන් රථගාල් දෙකක් නාගරික […]
මෙරට සියලුම අධිවේගී මාර්ග භාවිතා කිරීමේදී අයකරන ගාස්තු 25%කින් ඉහල දමා ඇත. ඒ අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම සම්පූර්ණ ගාස්තු සංශෝධනය මෙසේය.
නැවත වරක් ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් මතු වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. ඉකුත් කාල සීමාවේදී විදුලි බිල නැවත වරක් වැඩි කිරීම හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට අතිරේක පිරිවැයක් දැරීමට සිදුව ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එන් යූ කේ රණතුංග ප්‍රකාශ කළා. ජාතික ජල සම්පාදන […]