ජැක්සන් ඇන්තනී යළි සිනමාවෙන් නැගිටී . . .

සයිමන් නවගත්තේගම ශුරීන්ගේ ‘ක්ෂීර සාගරය කැලඹිණ’ නවකතාවේ සිනමාපටය එළඹෙන මැයි 18 සිට දිවයින පුරා තිරගත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම නිර්මාණය අධ්‍යක්ෂණය කළේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින්. මේ ඔහුගේ සිනමා දිවියේ විසිපස්වන සිනමා පටයි.

සයිමන් නවගත්තේගම රචිත “ක්ෂීර සාගරය කැළඹිණ” නැමැති නවකතාව අනුසාරයෙන් මෙහි තිර පිටපත රචනා කොට තිබෙන නමුත්, චිත්‍රපටය සහ නවකතාව අතරෙ හි සැලකිය යුතු වෙනස්කම් කිහිපයක්ම තිබෙන බවත් පැවසෙනවා.

‘ක්ෂීර සාගරය කැලඹිණි‘ සිනමා පටයේ අධිරාජ්‍යයා ලෙස ජැක්සන් ඇන්තනීත්, කැරලි නායකයා ලෙස හේමාල් රණසිංහත්, පුරම්භිකාව ලෙස උදාරි වර්ණකුලසූරියත්, හිරිමලා ලෙස රවීන් කනිෂ්කත් ප්‍රධාන චරිත නිරූපනය කරන අතර, ලූෂන් බුලත්සිංහල, සරත් කොතලාවල, ගිහාන් ප්‍රනාන්දු, කළණ ගුණසේකර, ප්‍රියංකා සමරවීර, හරිනි කාව්‍යංජනී, රුවන් පෙරේරා ආදී නළුනිළියෝ සෙසු චරිත නිරූපණයෙන් දායක වනවා.

මෙහි දර්ශන බහුතරයක් රූගත කර ඇත්තේ රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මාන පරිශ්‍රය ආශ්‍රිතවයි.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් ඔබට නැරඹිය හැකියි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලොව උසම දුම්රිය පාලම . . .

Thu Apr 27 , 2023
ලොව උසම දුම්රිය පාලම විවෘත කිරීම සඳහා සියළු කටයුතු සූදානම් බව ඉන්දීය ප්‍රවාහන කටයුතු භාර අමාත්‍ය Vijay Kumar Singh පවසනවා. චෙනාබ් ගඟ හරහා ළඟදීම විවෘත කිරීමට නියමිත මෙම පාලම ලෝකයේ උසම දුම්රිය පාලම බවයි වාර්තා වන්නේ. එය පැරිසියේ අයිෆල් කුළුණට වඩා වැඩි උසකින් යුතු අතර මෙම පාලම ඉදි කිරීම මගින් ප්‍රවාහන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x