ලොව උසම දුම්රිය පාලම . . .

ලොව උසම දුම්රිය පාලම විවෘත කිරීම සඳහා සියළු කටයුතු සූදානම් බව ඉන්දීය ප්‍රවාහන කටයුතු භාර අමාත්‍ය Vijay Kumar Singh පවසනවා. චෙනාබ් ගඟ හරහා ළඟදීම විවෘත කිරීමට නියමිත මෙම පාලම ලෝකයේ උසම දුම්රිය පාලම බවයි වාර්තා වන්නේ.

එය පැරිසියේ අයිෆල් කුළුණට වඩා වැඩි උසකින් යුතු අතර මෙම පාලම ඉදි කිරීම මගින් ප්‍රවාහන කටයුතු සඳහා සිදු වන නායයාම, හිමපතනය, ජල ගැලීම් සහ ගස් කඩා වැටීම් වැනි බාධාකාරී තත්වයන් අවම කර ගැනීමට හැකි වන බවයි මෙහි ඉදිකිරීම් භාර ඉංජිනේරු සමාගම ප්‍රකාශ කර ඇත්තේ.

ඒ, අනුව ඕනෑම කාලයකට සරිලන ලෙස ඉදිකිරීමට යන මෙම පාලම දකුණු ජම්මු කාශ්මීරයේ ස්‍රී නගර් දිස්ත්‍රික්කයේ සිට ඉන්දීය අගනුවර දක්වා හැකි ඉක්මනින් සාදා නිම කිරීමටයි පියවරගෙන තිබෙනවා.

1999 වර්ශයේ දී පාලම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර මෙය නිම කිරීම සඳහා වැය වී ඇති මුළු මුදල ඩොලර් මිලියන 168ක්.

උදම්පූර්-ශ්‍රීනගර්-බැරමුල්ල රේල් ලින්ක් ව්‍යාපෘතියේ (USBRL) කොටසක් වන් මෙය ඉන්දීය දුම්රිය මාර්ග ඉදිකිරීම් ඉතිහාසයේ අභියෝගාත්මකම ඉදිකිරීමක් වනු ඇති.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අන්තරේ පාගමනට පොලිසිය හරස්වේ . . .

Fri Apr 28 , 2023
සිරගතකර සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා වහා නිදහස් කරන ලෙසට ඉල්ලා සහ ආපනශාලා ඇතුළු අධ්‍යාපන සුභසාධන ගැටළුවලට  විසදුම් ඉල්ලා කැලණිය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් මීට සුළු මොහොතකට පෙර කැළණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ විය මෙම විරෝධතාව හේතුවෙන් පොලිස් ආරක්ෂාව තරකර ඇත..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x