කොළඹ ඉදිවන මහල් අටේ රථගාල . . .

කොළඹ නගරයට හා තදාසන්න නගරවලට දිනපතා පැමිණෙන වාහන නිසා ඇතිවන නාගරික තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ බහු මහල් රථගාල් හතරක් ඉදිකෙරේ.

නාගරික සංවරධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව මෙම රථගාල් ඉදිකරනු ලැබේ. ඉන් රථගාල් දෙකක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරනු ලබන අතර අනෙක් රථගාල් දෙක පෞද්ගලික අශය විසින් ඉදිකෙරෙනු ඇත. කොළඹ ටොලිකොම් ආයතනය ඉදිරිපිට, පැරණි මාළු වෙළඳ පොළ, නාරාහේන්පිට ප්‍රදේශවල මෙම රථගාල් ඉදිකිරිමට නියමිතය.

ඒ අතරින් පෞද්ගලික අංශයේ දායකත්වය යටතේ ඉදිකළ කොළඹ 02, යූනියන් පෙදෙස පොදු රථ ගාල ජනතා අයිතියට පත් කිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ ප්‍රදානත්වයෙන් සිදු  කෙරුණි. ඇක්සස් ඉංජිනියරින් පුද්ගලික සමාගම විසින් මෙම රථගාල ඉදිකර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 1,400ක් වැය වී ඇත. මෙහි හිමිකාරිත්වය වසර 30න් පසුව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරේ.

මහල් අටකින් සමන්විත මෙම රථගාලේ වාහන 300ක් පමණ ගාල් කිරීමට හැකියාව ඇත. රථගාලේ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන්නේ පරිගණක ඔස්සේය. නවතා තබනු ලබන සියළුම වාහනවල සම්පූර්ණ ආරක්ෂාව මේ තුළ සපයා ඇත. ඒ අනුව මාසික ආදයමෙන් ලැබෙන ආදායමෙන් 20%ක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබා දීමට ගිවිසුම් ගතව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ මහජන රථගාල් නොමැති වීම නිසා ඇතිව තිබෙන ගැටළු නිරාකරණය කර ගැනීමට රාජ්‍ය හා පෞද්ගලික අංශ මැදිහත් වීමෙන් මෙවැනි නාගරික අපරව්‍යුහ ව්‍යාපෘති ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ අවධානය යොමුව ඇති බවයි.

කොළඹ අවට වාහන ගාල් කිරීමේ පහසුකම් ප්‍රමාණවත් නොවීමත්, නිසි පරිදි එය ක්‍රියාත්මක නොවීමත් හේතුවෙන් නගරයේ අධික මාර්ග තදබදයක් පවතී. ඒ හේතුවෙන් ජනතාවගේ කාලය සහ මුදල් නාස්ති වීම ප්‍රධාන ගැටළුවක් බවත්, මෙවැනි නවීන තාක්ෂණයෙන් යුතු රථගාල් ආරම්භ කිරීම මගින් කොළඹ නගරයේ සංවර්ධනයට පිටිවහලක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව ඊට අදාල සියළු කටයුතු සුදානම් කිරීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බවත් එමගින් මහජනතාව වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර සහ ඇක්සස් ඉංජිනියරින් පුද්ගලික සමාගමේ සභාපති සුමල් පෙරේරා යන මහත්වරු සහභාගී වූහ.

– ප්‍රදීප් අනුර කුමාර

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්දු- ඔස්ට්‍රේලියානු භූ තැටිය දෙකඩවීමේ ප්‍රවණතාවක් . . .

Thu Apr 27 , 2023
ශ්‍රී ලංකාවට කිලෝමීටර 900-1000ක් දුරින් නව භූ තල මායිමක් ඉන්දු- ඔස්ට්‍රේලියානු භූ තැටිය දෙකඩ වෙමින් නිර්මාණය වීමේ ප්‍රවණතාවක් හා ලක්ෂණ පෙන්නුම් කරන බව භූවිද්‍යාඥයන් විශ්වාස කරන බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ජානක අජිත්ප්‍රේම පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x