ප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක් . . .

අයර්ලන්තයට එරෙහිව ගාල්ලේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ක් දවාගත් දඟ පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට අද (28) පෙරවරුවේ සමත් විය.

ප්‍රභාත් ජයසූරිය වසර 71 ක් පැරණි වාර්තාවක් බිඳදැමීම මෙහිදී කැපී පෙනේ. ප්‍රභාත් අද පෙරවරුවේ පෝල් ස්ටර්ලිං තෙවැනි කඩුල්ල ලෙස දවාගනිමින් 50 වැනි කඩුල්ල සම්පූර්ණ කළේය.

ප්‍රභාත් මේ වන විට ටෙස්ට් තරග 7 කදී කඩුලු 50 සම්පූර්ණ කළ අතර මීට පෙර බටහිර කොදෙව් හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක ඇල්ෆ් වැලන්ටයින් 1951 වසරේ ඔහුගේ අටවැනි තරගයේදී කඩුලු 50 සම්පූර්ණ කරමින් එහි පැරණි වාර්තාවට හිමිකම් කීය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉකුත් වූ කඳුළු ගෑස් විනාශ කිරීමට නියෝග . . .

Fri Apr 28 , 2023
පොලිස්  ස්ථානවල  පවතින කල් ඉකුත් වූ  කදුලු වායු (tear gas) විනාශ කරන ලෙස  රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා ) පොලිස්පතිවරයාට   උපදෙස් දුන්නේය. කඳුළු වායු කිසිවිටකත් පාවිච්චි නොකරන බවත් ඒවා අපහරණය කිරීමේ ක්‍රියාදාමය ආරම්භ කර ඇති බවත්  පොලිස්පතිවරයා ඇතුළු ප්‍රධානීහු එම  කමිටුවට මෙහිදී පෙන්වා දුන්හ. එසේම කඳුළු ගෑස් මහජන කැරලි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x