හංගේරියාවෙන් ණය අරන් ගුවන් පාලම් හදයි . . .

හංගේරියානු රජයේ යුරෝ මිලියන 52ක ණය ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන කොහුවල මංසන්දියේ සහ ගැටඹේමංසන්දියේ ගුවන් පාලම් වල ඉදිරි කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් හංගේරියානු රජයේ බලධාරීන් සහ ප්‍රවාහන හා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අතර අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවල සාර්ථකත්වය පිළිබඳ සලකා බලමින් දැනට තාවකාලිකව අත්හිටුවා ඇති කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් වල ඉදිකිරීම් අවසන් කිරීම පිළිබඳව මෙහිදී දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය.

ඒ අනුව පවතින තත්වයෙහි ප්‍රමුඛතාවය පිළිබඳව සලකා බලමින් කොහුවල ගුවන් පාලම කඩිනමින් ඉදිකිරීම අවසන් කිරීමටත්, එහි දෙවන අදියර ලෙස ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් ද කඩිනමින් අවසන් කිරීමටත් මෙහිදී හංගේරියානු නියෝජිත පිරිස අමාත්‍යරයා හමුවේ එකඟතාවයට එළඹිණි.

හංගේරියානු රජය නියෝජනය කරමින් පැමිණි නියෝජිත පිරිස සමඟ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ , මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ , මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස් වීරකෝන් , ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

– Media unit

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

"කුඩු අංජු " ප්‍රංශයේදී අල්ලයි . . .

Sat Apr 29 , 2023
පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරවෙකු වන 39 හැවිරිදි රත්මලානේ අංජු නොහොත් අමල් සමින්ද සිල්වා ප්‍රංශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාත්‍යන්තර පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීම සිදු කළ අතර ඒ, මෙරට ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර පොලිසිය කළ දැනුවත් කිරීමකට අනුවයි. මෙරට අපරාධ රැසකට සම්බන්ධව අවශ්‍යව සිටි ඔහු පසුගිය සමයේ දිවයිනෙන් පලා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x