IMF කොන්දේසි දේවාශිර්වාදයක් . . .

ඇතැම් පාලකයන් රටට කරපු නරක සමඟ සසඳා බලන විට අයි.එම්.එෆ් කොන්දේසි දේවාශීර්වාදයක් බව සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයි.එම්.එෆ් කොන්දේසි වලට වඩා නරක දේවල් පාලකයන් හරහා රටේ සිදුවී තිබෙන බවද කබීර් හෂීම් කීය. මේ රටේ පාලකයන් රටට කළ නරක දේවල් සහ මූල්‍ය අරමුදලේ යහපත් කොන්දේසි උදාහරණ සහිතව පෙන්වා දිය හැකි බව කී කබීර් හෂීම් විදේශිකයන්ට බදු සහන දීම නතර කරන්නැයි මූල්‍ය අරමුදලේ  කොන්දේසි වල තිබෙන බව සඳහන් කළේය.

ලංකාවේ පාලකයන් ෂැන්ගිලා හෝටලය  තියෙන ඉඩම වසර 40 ක බදු සහන සමග විදේශකයන්ට දුන් අතර තඹ සතයක් එයින් රටට ලැබෙන්නේ නැතැයි ද මන්නාරමේ සුළං බල කම්හල පවා ප්‍රසම්පාදන කටයුතු තොරව අදානිට දීලා තියෙන අතර මේවා ජාතික අපරාධ බව කබීර් හෂීම්  සඳහන් කළේය.

  • අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හංගේරියාවෙන් ණය අරන් ගුවන් පාලම් හදයි . . .

Fri Apr 28 , 2023
හංගේරියානු රජයේ යුරෝ මිලියන 52ක ණය ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන කොහුවල මංසන්දියේ සහ ගැටඹේමංසන්දියේ ගුවන් පාලම් වල ඉදිරි කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් හංගේරියානු රජයේ බලධාරීන් සහ ප්‍රවාහන හා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අතර අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවල සාර්ථකත්වය පිළිබඳ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x